IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘රටවල් රැසක් ලංකාවේ ආයෝජනයට කැමැත්තෙන්‘

ශ්‍රී ලංකාවේ නව දේශපාලන වෙනස්කම් හමුවේ මෙරට සමග සහයෝගයෙන් කටයුතු කිරීමට රටවල් රැසක නියෝජිතයෝ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවේ ඇමරිකාවේදී ප්‍රකාශ කළහ.

ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික සමුළුවට ඇමැති ගියේය.

ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත පළ කළ බව ඔහු කියයි.



අදහස් (0)

‘රටවල් රැසක් ලංකාවේ ආයෝජනයට කැමැත්තෙන්‘

වික්‍රම Tuesday, 26 April 2016 09:31 AM

නැතුව නැතුව, අර කියුව වොක්ස්වැගන් කොම්පැනිය දැන් දවසට කාර් කීයක් නම් එලියට දානවද? (ර)

:       0       0

සුසන්ත Monday, 25 April 2016 03:37 PM

තාම හැබැයි පරණ හිටි චීන්නු ඇරෙන්න ඔය කියන වෙන කිසි කෙනෙක් එන පාටක් නම් නෑ, පරණ හිටි ටිකත් යන්න යනවා ඇරෙන්න. ජාත්‍යන්තර ව්‍යාපාරික ආයෝජකයෝ මෝඩ නෑ, රටක් කඩා වැටෙන්න යන බව පෙනෙන්න තියෙද්දී තමන්ගේ සල්ලි නිකන් නාස්ති කරගන්නේ මොන මෝඩ ආයෝජකයද? (බ)

:       0       0

අනිල් Monday, 25 April 2016 03:37 PM

එහෙනම් රවීගේ කල්ල මරේ - කොමිස් 10% ද 20% ද? (බ)

:       0       0

ලලිත් Monday, 25 April 2016 04:44 PM

කැමතියි කියුවට පහුවෙලා දෑවැද්ද ඉල්ලන එකනේ ප්‍රශ්නේ? (ර)

:       0       0

සේන Tuesday, 26 April 2016 05:02 AM

කැමැත්ත පළකළාට එතනින් එහාට වෙච්ච දෙයක් නැහැනේ. (නි)

:       0       0

සමීර් Tuesday, 26 April 2016 05:43 AM

කෝ ඉතින් කතාව විතරනේ. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 25 April 2016 06:44 PM

සතොසෙන් සමහර අය කොමිස් ගැහුවට, මේවට අත තියන්නේ නැහැ (නි)

:       0       0

චන්න ප්‍රසන්න Monday, 25 April 2016 07:40 PM

පෙරමග සුභ පෙරනිමිති! (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 25 April 2016 10:59 PM

සුසන්ත, ඔබ හරියට හරි. සමහරු සිහින දකිනවා (නි)

:       0       0

දුමින්ද Tuesday, 26 April 2016 06:57 AM

වෝක්ස් වැගන් එකෙන්ද එන්නේ... (ර)

:       0       0

ඇසළ Tuesday, 26 April 2016 12:20 AM

මෙහේ ඉතින් මොනවා කියලා ආයෝජනය කරන්නද? පුවක් හිටවලා කරුංකා රට පටවන්න කියලා තමයි කියන්න වෙන්නේ. (නි)

:       0       0

ධම්ම Tuesday, 26 April 2016 07:44 AM

ආයෝජනය නාමයෙන් අපයෝජනයට තමයි වැඩි දෙනෙක් කැමති. (ර)

:       0       0

පකීර් Tuesday, 26 April 2016 01:16 AM

ලංකාවේ ආයෝජනය කරන විදේශිකයන්ට නම් අබ සරණයි තමයි! නෙස්ට්ලේ, ෆොන්ටෙරා, ඇන්සෙල් වගේ ආයතන කලින්ම ආයෝජනය කළ නිසා බේරුනා. නැත්නම් මෙහෙ ඉන්න දේශපාලුවන්ට කොමිස් දෙනකොට ඔවුන්ට ඇති ලාභයක් නැහැ. ගිය අවුරුදු වලත් ආයෝජකයෝ කී දෙනෙක් ආපසු ගියාද? (නි)

:       0       0

ඉමේශ් Tuesday, 26 April 2016 01:47 AM

තවම කවුරුත් ආවෙ නම් නැහැ. හැමදාම කතාව විතරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site