IMG-LOGO

රටට වතුර දෙන්න ලොකු බැංකුවක සහාය ලැබෙයි

(අංජුල මහික වීරරත්න)

මෙරට ජල සම්පාදන ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ මෙහෙයුම් වැඩසටහන මෙන්ම ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ ධාරිතාව ඉහල නංවා ගැනීමේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය දැනුම හා තාක්ෂණික සහාය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළ කර ඇත.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂ ටකෆුමි කඩොනො මහතා (Takafumi kadono) අතර අද (05) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. 

මෙරට ජල සම්පාදන ක්ෂේත්‍රයේ  සැලසුම්, අධීක්ෂණ රාමුව සහ ඊට අදාලව ගෙන ඇති ඉදිරි පියවර පිළිබඳ එහිදී පුළුල් ලෙස විමසා බැලිණි. 

මෙම කටයුතුවල ප්‍රගතිය මාසිකව සමාලෝචනය කිරීමට මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් සාගල රත්නායක මහතා වැඩසටහන සාර්ථක කර ගැනීමට ආසියනු සංවර්ධන බැංකුව මගින් ලබාදෙන සහාය පිළිබඳ ස්තූතිය පළ කළේය. 

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්,  අග්‍රාමාත්‍ය  ලේකම් අනුර දිසානායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්. එස් . සමරතුංග යන මහත්වරු ඇතුළු අදාල ආයතනවල රාජ්‍ය නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.



අදහස් (1)

රටට වතුර දෙන්න ලොකු බැංකුවක සහාය ලැබෙයි

සල්ලි Wednesday, 05 July 2023 10:25 PM

ඉස්සරහම පේලියේ දේශපාලන කෑලි ටික. ඊට පිටිපස්සේ වෘත්තීය වේදියෝ. හැබැයි වැඩ අනා ගත්තාම දේශපාලන කෑලි මීටින් එකෙත් නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 8 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 659 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 783 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site