IMG-LOGO

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලින්

(ආරියරත්න රණබාහු)

2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය

එම කෘතිය සමග නිර්දේශ වී තිබූ අනෙකුත් කෘතීන් අතර එරික් ඉලයප්ප ආරච්චිගේ තිවංක කතාව ලියනගේ අමරකීර්තිගේ කැළලිකාරයෝසහ සේපාලි මායාදුන්නගේ සිංහ සෙයියාව යන කෘති ද.විය.

එහිදී වසරේ හොඳම කෙටිකතා සංග්‍රහය ලෙසප්‍රභාත් ජයසිංහගේ මග ඇරුණු දූපත් කෘතියද හොඳම ස්වතන්ත්‍ර පද්‍යසංග්‍රහය ලෙසකුමාර හෙට්ටිආරච්චිගේ බොහිමියන් සංඛවේ ලුම්පන් සහ බුර්ෂුවා කෘතිය ද සම්මානයට පාත්‍ර විය.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතිය කටයුතු දෙපාර්තමේන්තුවරාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව,ශ්‍රී ලංකා කලා මණ්ඩලය, එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබිණි .

2023 වසරේ සිංහල ඉංග්‍රීසි දෙමළ භාෂාවලින් පළවී තිබූ කෘති 2150 මෙවර සම්මානය සඳහා තෝරාගෙන තිබිණි එහිදී එම භාෂා වලින් අවසන් වටය දක්වා නිර්දේශ වී තිබූ කෘති අතරින් ජයග්‍රාහකින් හතළිස් දෙදෙනෙකුට රාජ්‍ය සම්මාන පිරිනැමිණි.

සම්මාන ලැබූ සිංහල කෘතීන් මෙසේය

හොඳම පිට කවර නිර්මාණය මාලක ළලනජීව (එන්න එපා දියසෙන්)

හොඳම නිමාවෙන් හා පිටු සැකසුමින් යුතු ග්‍රන්ථය රාඝවන් ප්‍රේම් කුමාර්(ජෝර්ජ් කෙයටි ද ඇබ්සන් ඔෆ් අ ඩිසයිඩ් ඉමේජ්)George keyt the Absence Of A Desired Image )

හොඳම පරිවර්තිත ළමා සාහිත්‍ය ග්‍රන්ථය මහින්ද සෙනරත් ගමගේ(මං සමාව ගන්නේ නෑ) හොඳම ස්වතන්ත්‍ර ළමා කෘති චිත්‍ර නිර්මාණය ඕසධි සඳරේකා (ගෙදරට ආ යෝධයා) හොඳම ස්වතන්ත්‍ර ළමා සාහිත්‍ය ග්‍රන්ථය නුවන් තොටවත්ත (අනාගත ලෝකෙ වටේ)

හොඳම පරිවර්තික යොවුන් සාහිත්‍ය ග්‍රන්ථය කත්‍යානා අමරසිංහ(බකිංහැම්මාලිගයේ මෘගයා)

හොඳම ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍යය ග්‍රන්ථය එරික් ඉලයප් ආරච්චි(;වංකගිරියක ළමයි)

හොඳම ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධය භාග්‍ය පණ්ඩිතරත්න(කොන්ෆික් ටියුරා)

හොඳම ස්වතන්ත්‍ර ශ්‍රව්‍ය දෘෂ්‍ය තිර පිටපත සුනිල් ආරියරත්න (කදිර දිව්‍ය රාජ)

හොඳම පරිවර්තිත නාට්‍ය පිටපත ඩබ්ලිව් ඒ අබේසිංහ (රබීන්දුනාත් තාගොර් සන්‍යාසි සහ වෙනත් කතා)

හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය පිටපත හේමසිරි ලියනගේ(නරියාසහ කේජුු කෑල්ල)

හොඳම පරිවර්තිත කෙටිකතා සංග්‍රහය සමරසිංහ ගුණසේකර සහ මේ ධාවි දික් මාදුගොඩ(භික්‍ෂුව හා ඔහුගේ පෙු්මය සමඟ නූතන ජපන් කෙටිකතා 12 ක්)

හොඳම පරිවර්තිත නවකතාව ඩී එම් එස් ආරියරත්න (දඩයක්කාරයෙකුගේ සටහන්)

හොඳම පරිවර්තීත විවිධ විෂයක ග්‍රන්ථය මංජුල කල්දේරා(මනුසත්වග)

හොඳම ස්වතන්ත්‍ර විවිධ විෂයක ග්‍රන්ථය කේ ඩී ජි සුමනදාස(දළදා පුරාණය)

හොඳම පරිවර්තිත ශාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථය චන්දන බණ්ඩාරගේ(ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ අර්බුදය)

හොඳම ස්වතන්ත්‍ර ගීත සමුච්චය කපිල කුමාර කාලිංග(වසන්තයේ අග)

හොඳම ස්වතන්ත්‍ර පද්‍ය සංග්‍රහය කුමාර හෙට්ටිආරච්චි(බොහිමියන් සංකාවෙ ලුම්පන් සහබුර්ෂුවා)

හොඳම කෙටිකතා සංග්‍රහය ප්‍රභාත් ජයසිංහ(මග හැරුණු දූපත්)

හොඳම ස්වතන්ත්‍ර ශාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථය මහින්ද සෝමතිලක (ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය හෙවත් උඩරට පුරාණ මුලාදෑනීන්ගේ ලේකම් මිටිය)

ජයග්‍රහක ග්‍රන්ථ අතුරින් වැඩිම ග්‍රන්ථ ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කරන ලද ආයතනය එච් ඩී ප්‍රේමසිරි(සරසවි ප්‍රකාශකයෝ)

හොඳම ස්වතන්ත්‍ර නවකතාව විරාජණීයෙන්නකෝන්(කැමෙලියා).

 

 

 



අදහස් (2)

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලින්

අමල් Thursday, 28 November 2024 05:36 PM

හේමසිරි ලියනගේ "නරියා සහ කේජු කෑල්ල" කතාව ලියලා නාට්‍යයක් හැදුවේ 1960 ගණන්වල ! එයාගේ ලොකුපුතා මාලිමාවට රෙදි නැතුව පහුගිය කාලේ wholesale කඩේගිය එකට සලකන්න අවුරුදු 60කට පස්සේ, ඒ කතාවට රාජ්‍ය සම්මාන ! කොහොමද සැලකිල්ල , අතිවිශිෂ්ටයි සෑර් !

:       4       9

චමින්ද Thursday, 28 November 2024 08:33 PM

හේමසිරි ලියනගේ මහත්මයා 1975 දීනෙ නරියා සහ කේජු කියන නාට්‍ය නිශ්පාදනය කරන්නේ. එතකොට මේ සැරේ රාජ්‍ය සාහිත්‍ය උත්සවය තිබ්බේ 1975 වර්ෂය වෙනුවෙන්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 24 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1560 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site