
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව සුබපැතුම් එක් කළ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් මහතා ජර්මානු චාන්සලර් ඔලාෆ් ස්කොල්ස් (Olaf Scholz) මහතාගේ සුබ පැතුම් ද ජනාධිපතිවරයා වෙත පිරිනමනු ලැබීය.
ස්ථිර පාර්ශවකරුවෙකු ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම සඳහා ජර්මනිය කැපවී සිටින බව තානාපති ෆෙලික්ස් නියුමන් මහතා මෙම හමුවේදී ප්‍රකාශ කළේය.
ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව ද අන්‍යෝන්‍ය අවශ්‍යතා පදනම් කොට ගනිමින් එම සහයෝගීතාව තව දුරටත් පවත්වාගෙන යාම සඳහා තමන් විසින් නියෝජනය කෙරෙන ජර්මනිය දක්වන උනන්දුව පිළිබඳව ද මෙම හමුවේ දී තානාපති නියුමාන් මහතා පැවසීය.
මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ජර්මනියේ වසර 70 ක පළපුරුද්ද පිළිබඳව අවධාරණය කළ තානාපතිවරයා ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා සිය සහය ලබා දෙන බවටද සහතික විය.
තවද, ශ්‍රී ලාංකේය තාක්‍ෂණික අධ්‍යාපන ක්ෂේත්‍රයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබන කටුබැද්ද සහ කිලිනොච්චි ජර්මානු කාර්මික විද්‍යාල දෙකෙහි මෙහෙයුම් තව දුරටත් වැඩිදියුණු කිරීම සඳහා ජර්මානු සහාය ලබා දෙන බව ද තානාපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සහයෝගය ලබා දීමට ජර්මනිය සූදානම් බවද තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජර්මන් සහය
Krishna Wednesday, 09 October 2024 06:40 PM
ඒ ගමන රජයේ සේවකයින්ට බෙන්ස්...BMW වත් දෙන්න යනවාද?
Kumara Wednesday, 09 October 2024 07:43 PM
ජර්මන් සහාය ගන්න එපා. මෙහෙත් රාජ්‍ය සේවයේ වැඩ හරිම මන්දගාමී. අපි ඉන්නේ ජර්මනියේ. මෙහෙත් මිනිසුන් රජයේ නිලධාරීන්ට සහ මන්දගාමී සේවයට බනිනවා...
Godak.hodai Thursday, 10 October 2024 04:40 PM
සතුටුයි...