IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


රජයේ සේවකයින්ට වැටුප් වැඩිවීමක්

(රංජන් කස්තුරි)

සියලුම රජයේ  සේවකයින්ට ජූලි මස 01 වැනිදින සිට මසකට රුපියල් 2500 ක අන්තර් දීමනාවක් ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

අය - වැය යෝජනාවක අනුව මෙම අන්තර් දීමනාව ලබාදෙන බවද එම අමාත්‍යාංශය කියයි.

මීට අමතරව ඉකුත් 2015 වසරට සාපේක්ෂව 2020 වසරේ ජනවාරි මස වනවිට සියලුම රජයේ සේවකයින්ට සියයට 107 න් වැටුප් වැඩිවීමක් හිමිවන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ලබන 2020 වනවිට රජයේ සේවක වැටුප් ගෙවීම සඳහා මසකට රුපියල් බිලියන 905 ක් පමණ වැයවන බව ගණන් බලා තිබේ.

 



අදහස් (20)

රජයේ සේවකයින්ට වැටුප් වැඩිවීමක්

nali Wednesday, 19 June 2019 06:25 PM

ඊට පස්සේ ජනාදිපති අපේක්ෂකයා නම් කරයි .

:       79       216

රජින්ද Wednesday, 19 June 2019 06:31 PM

ලාබයි... සේල්... ඡන්ද ගුණ්ඩු සේල්... මේවට අහුවෙලා එක ජන්දයක් හරි මේ ආණ්ඩුවට දුන්නොත් අර පාස්කු ප්‍රහාරයෙන් මිලාන උන අහිංසක ජීවිත වලට ඔබලාත් වරද කරුවන් වෙනු ඇත.

:       526       1147

chandima Wednesday, 19 June 2019 07:50 PM

අනේ අම්මප අවුරුදු පතා ඡන්දයක් එනවනම්?

:       0       69

Perakum Wednesday, 19 June 2019 11:21 PM

ඒ කියන්නේ. ඡන්දයක් එන එක ස්ථිරයි

:       1       89

රවින් Wednesday, 19 June 2019 11:32 PM

හැ !! ඊයේ නේද කීවේ රාජ්‍ය වියදම් 15% කින්ද කොහේදෝ කපාහරින්න කියලා? එහෙමත් තැනක තමා කාර්යක්ෂම සේවාවක් වෙන්නේ. බොහෝ තැන්වල සේවාවන් ?? තව ටික දවසක් ගිහිල්ලා සියලු භාණ්ඩ වල මිලට මොකද වෙන්නේ?

:       9       108

Bandara Thursday, 20 June 2019 01:22 AM

ඡන්දේ ඉල්ල ගන්න සල්ලි දෙන එක අල්ලස් දීමක් නේද?

:       124       383

NissankaThursday, 20 June 2019 07:17 AM

එජාප ආණ්ඩුවෙන් අවුරුදු දෙකකට කලිනුත් රජයේ සේවකයින්ට පඩි වැඩි කළා. ඒත් තැපැල් ඡන්ද ප්‍රතිපල වලින් පොහොට්ටුව දිනුම්. මේ ආණ්ඩුවට තේරුමක් නෑ ඉඳල හිටලා හරි කරන හොද වැඩක්වත් තමන්ගේ වාසියට හරවා ගන්න.

:       9       165

මෙලන්ත Thursday, 20 June 2019 01:52 AM

තමන්ගේ වගකීම නිසි ලෙසටම ඉටු කිරීමට සියලු රජයේ සේවකයින්ට සිත් පහළ වේවා. එය තවත් මෙලෙස ඔබව රැවටීමට ඉඩ නොතබනු ඇත. ජරාජීර්ණවූ සමාජ දේශපාලනික සංස්කෘතික වටපිටාව පිරිසිදු වනු ඇත. රටක් සමාජයක් දේශපාලකයන්ට සාප කරන්නාසේම, රජයේ සේවයක් බලාපොරොත්තුව පැමිණ, නමුත් ඉටුකරගත නොහී, රජයේ සේවයට සාප කරන පිරිසක් බිහි නොවනු ඇත. රටට ආදරය කරන බලාපොරොත්තු සහගත පුරවැසියන් බිහිවනු ඇත. පෞද්ගලික සේවයටත් අඩු හෝ වැඩි වශයෙන් මෙය වලංගු වන බව මගෙ හැඟීමයි. කළ යුත්තේ සුදුසු නිවැරදි පිරිසක් තෝරා පත්කර පාලනයට යැවීමම නොව, පුරවැසි අපිද නිවැරදි වීමයි. එය නිවැරදි දම්වැලක ආරම්භය වනු ඇත.

:       2       117

Sunil Thursday, 20 June 2019 03:00 AM

ඡන්දය අත ළඟ බව අප හට පැවසෙනවා.

:       7       386

Sugath Premalal Thursday, 20 June 2019 04:21 AM

දයාබර රජයේ සේවකයිනි කාරුණිකව ඉල්ලන්නේ මේ වගේ තුට්ටු දෙකේ දේවල් වලට රැවටෙන්න එපා. ඔය දෙන්නේ ඡන්දය වෙනුවෙන් දෙන දීමනාවක්. ලග එන ඡන්දය බුද්ධිමත්ව පාවිච්චි කරන්න. 4 වසරක් රජය විසින් කරපු දෙයක් නැහැ. ආර්ථිකය කඩ වැටිලා, අධ්‍යාපනය වල පල්ලට ඇදලා දැම්ම, ජාතින් අතර සංහිදියාව නැති කල, සංචාරක ව්‍යාපාරය විනාශ කලා , දිනෙන් දින අහිංසක ජනතාවගේ බදු මුදල් වැඩි කර පාලිමන්ට් එකේ 225 විතරක් සැප විදිනවා ...තේරුම් ගන්න..උබේ දරුවන් වෙනුවෙන් රට ජාතිය ගැන හිතල බුද්දීමත්ව ඡන්දය පාවිච්චි කරන්න. බුදු සරණයි..

:       3       105

Chandima Thursday, 20 June 2019 04:26 AM

රුපියල බස්සල සල්ලි අච්චුගහන්න වගේ යන්නේ ණය වාරික ගෙවන්න?

:       0       117

Ranjan Thursday, 20 June 2019 05:26 AM

ශාෆිගේ සාපය යට ගහන්න, සාලාවේ සහ කිතුනු දේවස්ථාන වල පිපිරුන බෝම්බත් ඒවගෙන් මැරිච්ච මිනිස්සුත් අමතක කරවන්න, මහ බැංකු කම්බ හොරුන්ව අමතක කරවන්න, විදුලියෙන් යටි මඩි ගහපු මගඩි ටික අමතක කරවන්න පුන්නක්කු කන මී කුලයේ ලක්ෂ 62 උන්ට නම් කියාපු බෙහෙත.

:       23       316

මධු Thursday, 20 June 2019 05:26 AM

මණ්ඩල, සංස්ථා, අධිකාරි වල සේවයේ නිරත කිසිදු රාජ්‍ය සේවකයෙකුට මෙම රුපියල් 2500 ක අන්තර් දීමනාව ලබානොදෙන බව මුදල් අමාත්‍යාංශය දන්වා තිබියදීත් ආණ්ඩුව විසින් සියළුම රාජ්‍ය සේවකයින්ට ‍මෙය ලබාදෙන බව දන්වා ඡන්දෙට ලකුණු දමාගැනීමක් කිරීම පිළිකුලෙන් හෙළා දකිමු.

:       10       117

Nuwan Thursday, 20 June 2019 05:38 AM

2500 යට තමන්ගේ දරුවන්ගේ අනාගතේ වලපල්ලට දාන තීරණ ඊලග ඡන්දෙදි ගන්න එපා කියල රාජ්‍ය සේවකයන්ගෙන් මම වැදලා ඉල්ලනවා!

:       3       105

Rohana Thursday, 20 June 2019 06:02 AM

මොනවා දුන්නත් මේ පාරනම් බලය නැතිවන බවයි පේන්නේ.

:       0       79

dasuni Thursday, 20 June 2019 06:06 AM

පුද්ගලික අංශයේ සේවකයෝ රුපියල් දාහත්දාහයි (17000) මුලික වැටුප.ඊටත් අඩුවෙන් ගන්නේ ගොඩක් තැන වල. රජයේ සේවකයෝ කි දෙනයිද ලංකවේ ඉන්නේ? එන්නකෝ ඡන්දෙ දෙන්නම් පුතේ. හෙන ගහනවා අපි විදින දුක දැක්කම තොපිලට

:       0       110

mp Thursday, 20 June 2019 06:12 AM

ඇම!

:       1       79

සේන Thursday, 20 June 2019 06:38 AM

රටට ආදරයක් ඇති සියලු දෙනා සිහි බුද්ධියෙන් සිටියම යුතු කාලය උදා වී තිබේ.පිළී ගඳ දේශපාලනය රැවටීම් , බොරුකීම් ,මවා පෑම් ආරම්භ කර තිබේ. රටේ අර්බුද නැති තැනක් නැත. කිසිම ප්‍රශ්නයකට ස්ථිර විසඳුමක් දී නැත. රට එකම අවුල් ජාලාවකි . ඡන්දයක් ආවහොත් බුද්ධිමත්ව රටට ආදරය කරන මිනිසුන් තෝර ගත යුතුව ඇත. මොනවා කරන්නත් රට , ජාතිය , ආගම ඉතිරි වී තිබිය යුතුය

:       0       221

d.upul Thursday, 20 June 2019 07:00 AM

විසිපන්දාහක් වැඩි කලත් මෙදා පරාදයි.

:       1       149

Rohini Thursday, 20 June 2019 09:19 AM

හොදය, බැංතු පොලිය ආයමත් වැඩ් කරල අපෙන් ආපසු ගන්නේ නැතිනම්....................................................

:       0       38

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්




ලුණගලත් විපක්ෂයේ බලය වැඩි වේ
2025 මැයි මස 07 25 0

බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය සභාවේ ආසන 20න් හයක බලය ජාතික ජනබලවේගය හිමි කර ගත්තේය.




මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 841 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1259 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site