පුත්තලමේ කල්පිටියේ ව්‍යාජ වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යමින් ජා-ඇල උදම්මිට යමුනා නිරංජනී සේරසිංහ මහත්මියගෙන් රුපියල් 1,838,000ක් වංචා කළැයි කියන රොහාන් සමන් රත්නායක නොහොත් ස්ටීවන් හෙල්ගසන් ලබන 9 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා නියම කළේය.
පොල් හා වෙනත් වගා වැවීම සඳහා අක්කර තනක් එම කාන්තාවට විකුණා ඇත්තේ රජවේ ඉඩම රජයේ ඉඩමක් බව පසුව සොයා ගැනිණි.
නම් කිහිපයකින් පෙනී සිටිමින් ගුවන් ගමන් බලපත් කිහිපයක් ඇතිව සිටි සැකකරු කොළඹ, මාලිගාකන්ද හා පුත්තලම උසාවිවලට ද අවශ්‍ය පුද්ගලියෙකියි පොලිසිය අධිකරණයට දැන්වීය.
ඔහු ග්‍රීන් ෆීල්ඩ් ප්ලාන්ටේෂන් ඩිවලොප්මන්ඩ් ඇන්ඩ් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ලෙස කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ කාර්යාලය පවත්වාගෙන යමින් රජයේ ඉඩම් විකුණා ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජයේ ඉඩම් විකුණා රිමාන්ඩ්
ශිරාණි Tuesday, 31 December 2013 06:00 AM
මිනිස්සු රැවටෙන එකේ සීමාවක් නැහැ. සක්විතිගේ ඉදල ලොකු කුඩා හැමෝවම රැවැට්ටුවානේ. ලක්ෂ ගණන් වියදම් කරනකොට හොයල බලන්නේ නැතුවද කරන්නේ. මේ වගේ ඒවා ඔනතරම් තියෙනවා. තේක්ක වැවීම. පලතුරු වැවීම. මේ දවස්වල ගවුඩ් (වල්ලාපට්ටා) වැවීම කියල එකක් පත්තරවල දානව. මිනිස්සු මේ හොරාටත් අහුවේවි. ලංකාවේ මොනවා හරි නමකින් මුදල් එකතු කරන ඒවා ආරම්භ වෙනවා මිනිස්සු අහුවෙනවා.(නදී)
කැබ්‍රි Tuesday, 31 December 2013 08:31 AM
මේ මිනිහ තවමත් වෙබ් සයිට් එකෙන් ඉඩම් විකුනන්න දාල තියෙනවා. කවුරු හරි මේගොල්ලන්ගේ වෙබ් එක නවත්තන්න කටයුතු කෙරුවොත් හොදයි නේද? නෙත්නම් තව තව මිනිස්සු රවට්ටයි. (නදී)
දසුන් Tuesday, 31 December 2013 09:15 AM
මෙයාගෙන් අල්ලස් ඉල්ලපු අය තවම එළියේ.(නදී)
දයා අලහාකෝන් Monday, 30 December 2013 06:26 PM
මේ ග්‍රීන් පීල්ඩ් ප්ලාන්ටේෂන් ආයතනයේ ව්‍යාප්ති නිලධාරිනියක් විදියට ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නළුවෙකුත් හිටියා. ඉතාලියේ විසුරුවා හරින රූපවාහිනී නාලිකා කිහිපයකම දේශන තිබ්බා. මිනිහා දැන් ආගිය අතක් පේන්න නැහැ වගෙයි නේද? (නදී)
අමිල කටුනායක Monday, 30 December 2013 06:52 PM
මෙයත් හොඳ සක්විත්තෙක්. මාවත් අල්ලන්න හැදුවේ. තවත් රැවටෙන අය ඉන්නවා. මට ඊයේ පෙරේදාත් එහෙම කෙනෙක් හම්බ වුනා.(නදී)
චන්ද්‍ර වීරසිංහගේ Tuesday, 31 December 2013 03:04 AM
සුද්දෙක් කියල හිතුවට මෙයා වැද්දෙක් කියල එලි වුනේ දැන් තමා.(නදී)