IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


"රාජපක්ෂලාට හිරගෙවල් අමුතු තැනක් නොවේ"

රාජපක්ෂලාට හිරගෙවල් අමුතු තැනක් නොවන බව බැසිල් රාජපක්ෂ මහතා ඇල්පිටියේ දී පැවති ජන හමුවක් අමතමින් කීවේය.

“1936 ඩි.එම්. රාජපක්ෂ මුලින්ම ඡන්දේට ගියේ වැලිකඩ හිරගෙදර ඉඳලා. ඡන්දේට රුපියල් දහදාහක් ගත්ත කියලා හිරේ දැම්මා. ඒ කාලයේ සිවිල් නඩු වලටත් හිරේ දාන්න පුළුවන්. එහෙම හිරේ ඉඳන් ඇවිත් තමයි කුරහන් පාට සාටකේ දාගෙන පාට පෙට්ටියෙන් ඉල්ලලා ඡන්දේට ගියේ. මහින්ද රාජපක්ෂ මහත්තයා මුල්කිරිගල ඡන්දෙන් පස්සේ ත්‍රිත්ව මිනීමැරුමකට කියලා හිරේ දැම්මා. අපේ මව මිය ගියෙත් ඒ කාලේ. මම විතරයි නොගිහින් හිටියේ මමත් දැන් ගියා. යෝෂිතත් ගියා. ඒ නිසා අපි ඒවට අපි බය නැහැ. මේ රටේ ජනතාව කොතනද ඉන්නේ එතන අනිවාර්යෙන්ම මහින්ද රාජපක්ෂලා ප්‍රමුඛ රාජපක්ෂලා ඉන්නවා.” යනුවෙන් ද ඔහු පැවසුවේය.

 

 



අදහස් (0)

"රාජපක්ෂලාට හිරගෙවල් අමුතු තැනක් නොවේ"

චාන්දනී හේවාවසම් Tuesday, 26 April 2016 08:21 AM

මේ පාර ගියාම ..එහේ අවුරුදු 20ක් නවතින්නම සිදුවේවි.(හේ)

:       0       0

නන්ද Tuesday, 26 April 2016 02:10 PM

පොදු ජනතාවගේ ප්‍රශ්නයක් වෙනුවෙන් ඔය රාජපක්ෂවරුන් ගෙන් කවුද, කවදද හිරේ ගියේ කියල අපි දැනගන්න කැමතියි. (බ)

:       0       0

රුවන් Tuesday, 26 April 2016 08:27 AM

වෑරදි කලොත් කවුරුත් දඩුවම් ලෑබිය යුතුයි ඒක දේශපලකයන්ට වෙනසක් විය යුතු නෑහැ නීතිය කාටත් පොදු විය යුතුයි (හේ)

:       0       0

පීරිස් Tuesday, 26 April 2016 08:28 AM

ඔයා හිරේ යනවා කියලd ගියේ ඉස්පිරිතාලේටනේ ? දැන් හරියට කතා කරන්නේ අවුරුදු ගානක් හිරේ හිටියා හොඳ පලපුරුදු කාරයෙක් වගේනේ..(හේ)

:       0       0

ධම්ම Tuesday, 26 April 2016 08:29 AM

ලංකාවේ දේශපාලනයට හිරේයාම සුදුසුකමකි. (ර)

:       0       0

නීල් Tuesday, 26 April 2016 08:32 AM

කල්තියාම වැඩේ තේරෙන්න ඇති. (ර)

:       0       0

රජිත් මංජුල Tuesday, 26 April 2016 02:29 PM

හිරේ ඉන්නේ නිදහස් මිනිස්සු අපි නිදහසේ ඉන්න හිරකාරයෝ (බ)

:       0       0

බණ්ඩාර Tuesday, 26 April 2016 02:43 PM

ඔය නිසා තමයි මහින්ද ජනාධිපති තුමා පැරදුනේ.(හේ)

:       0       0

සමන් Tuesday, 26 April 2016 09:07 AM

පුහුල් හොර කරෙන් දැනේ කියන්නේ මේවට තමයි. ඉස්සර හිරේ ගියේ ජනතාව වෙනුවෙන් වැඩකරලා. නමුත් දැන් යන්නේ ජනතවට විරුද්ධව ඔව්න්ගේ මුදල් අපහරණය කරලා. (ර)

:       0       0

තබුක් සිල්වා Tuesday, 26 April 2016 09:11 AM

හිර ගෙදර ගින් ජම්පරේ ඇදගත්ත දාට තමයි හිර ගෙවල් අමුතු තැනක් වෙන්නේ නැතුව පෞද්ගලික හොස්පිටල් වල ඉදගෙන කොහොමද හිර ගෙදර රස දැනෙන්නේ.? (ර)

:       0       0

චින්තන Tuesday, 26 April 2016 09:38 AM

මට පොඩි අදහසක් ආවා. අපි දන කමෙන්ට් ඔය මන්ත්‍රීගෙන් ඊලග සැරේට අහන්න පුළුවන් විදිහේ වැඩක් කරන්න .මොකද අපි දාන අදහස් මේගොල්ලෝ බලන්නේ නෙහෙනේ. (ර)

:       0       0

සරත් Tuesday, 26 April 2016 09:40 AM

ඔයා හරි පීරිස්. (ර)

:       0       0

අජිත් Tuesday, 26 April 2016 10:07 AM

ඔයා හිරේ යනවා කියලා ගියේ ඉස්පිරිතාලේටනේ ? දැන් හරියට කතා කරන්නේ අවුරුදු ගානක් හිරේ හිටියා හොඳ පලපුරුදු කාරයෙක් වගේනේ..(හේ)

:       0       0

කරුණාසේන Tuesday, 26 April 2016 10:08 AM

තව කවුරු කවුරු යයිද දන්නේ නෑ.(හේ)

:       0       0

නන්දන Tuesday, 26 April 2016 10:19 AM

හරියට කතාකරන්නේ කිසිම වැරද්දක් නොකරපු ගානට... (ර)

:       0       0

සරත් Tuesday, 26 April 2016 10:33 AM

අපි ඒක දන්නවා.(හේ)

:       0       0

ප්‍රදීප් Tuesday, 26 April 2016 09:25 PM

රාජපක්ෂලා අතරින් ජනතාවගෙන් වැඩියෙන්ම බැනුම් අහන කෙනා මෙයා කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

වින්සන්ට් Tuesday, 26 April 2016 10:32 PM

සාමාන්‍ය මිනිසුන් වන අප නම් දන්නේ හිර ගෙවල් අමුතු තැනක් නොවන්නේ හොරු, තක්කඩි සහ මිනිමරුවන්ටය. ඇත්ත කියන එකත් එක පැත්තකින් අගය කළයුතුය. (නි)

:       0       0

බණ්ඩා Tuesday, 26 April 2016 11:15 AM

ඔය කිව්වට හිරේ දැම්ම ගමන් ඔයා ගිහින් නැවතුනේ කොලබ මහා රෝහලේ ගෙවන වාට්ටුවේ නේද ? (ර)

:       0       0

අසංක Tuesday, 26 April 2016 01:01 PM

හිරේ ගිහිනුත් ආඩම්බරකම් මේ අයගේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site