IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘රාජද්‍රෝහියෙක් වෙයන් : දේශද්‍රෝහියෙක් නොවෙයන්‘

 

බදු වැඩි කර අධ්‍යාපනයටත් සෞඛ්‍යයටත් පහර දී  එසේ නොකළා යැයි ප්‍රකාශ කරන රජය මෙතෙක් නෑ කියූ කිසිවක් ඔප්පු කර නැතැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

රාජද්‍රෝහියෙක් වන නමුත් දේශද්‍රෝහියෙක් නොවන්න යැයි ධර්මපාල තුමන් කළ සටන් පාඨ පවා ප්‍රකාශ කරමින් මෙම ආණ්ඩුව ගෙන යන මෘග පාලනයට එරෙහිව රාජද්‍රෝහි වශයෙන් කටයුතු කර මේ රට බේරාගන්නට සිදුව තිබෙන බවත් ජාතියේ පෙරගමන්කරුවන් වශයෙන් හා මේ රටේ සංඝරත්නය වශයෙන් තමන්ට නිහඩව සිටීමට නොහැකි බවත් පැවිදි හඬ සංවිධානය නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අද (29) පැවති මාධ්‍ය හමුවෙදී   උන්වහන්සේ ප්‍රකාශ කළහ.

දේශප්‍රේමී භික්ෂු සංගමයේ ලේකම් බෙංගමුවේ නාලක,පැවිදි හඬ සංවිධානයේ අනුශාසක ගලගම ධම්ම රංසි,කැස්බෑව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් ගොම්බද්දර ධමිත හා රොටුව නන්දාරාම යන හිමිවරු මාධ්‍ය හමුවට සහභාගී වුහ.

pawidihanda_2016429



අදහස් (0)

‘රාජද්‍රෝහියෙක් වෙයන් : දේශද්‍රෝහියෙක් නොවෙයන්‘

හිමාල් Friday, 29 April 2016 01:44 PM

රාජ ද්‍රෝහියෙක් වෙන්න දැන් රජවරු නෑනේ. ඒත් රාජ්‍ය ද්‍රෝහියෙක් වෙනවා නම් ඒක දේශ ද්‍රෝහියෙක් වෙනවට වඩා වැරදියි. රජය හා ආණ්ඩුව කියන්නෙ දෙකක්. (බ)

:       0       0

භද්‍රානි Friday, 29 April 2016 01:59 PM

පැවිද්දෙක් නම් පැවිද්දෙක් ලෙස කටයුතු කරන්න. ගිහියෙක්, දේශපාලකයෙක්..කවටයෙක් නොවී,,,(බ)

:       0       0

ජයතු Friday, 29 April 2016 02:26 PM

කරුනාව මෙෙත්‍රිය කරන්න කියන්න ඔබවහන්සේ තුල වෙෙරය ඉතා තදින් බලපවත්වයි මෙයින් මිදි ජනතාවට සුමදුර ධර්මදේශනාවක් කරන්න.(බ)

:       0       0

තිලක් Friday, 29 April 2016 08:30 AM

හාමුදුරුවෝ හරි. (ර)

:       0       0

සේකර Friday, 29 April 2016 09:19 PM

ඔබ සැම දැනගත යුතු කරුණක් තමියි ලංකාව විතරයි ලෝකේ තියෙන එකම රට අධ්යාපනයත්, සෞක්යයත් නොමිලේ ලබා දී , බදුත් අඩුවෙන් ගන්නේ . බදු මිල වැඩි නොකර ලංකාව ඉදිරියට ගෙන යාම ඉතාමත් දුෂ්කර කාර්යයක්. (ර)

:       0       0

විපුල Friday, 29 April 2016 10:45 AM

ඔබ වහන්සේගේ අදහස් වලට මම එකගයි. (ර)

:       0       0

විජේලතා රාජපක්ෂ Friday, 29 April 2016 11:31 AM

දුෂණ වංචා අනුන්ගේ දේවල් බලහත්කාරයෙන් අල්ලා ගැනීම වැනි දේවල් මේ දෙකෙන් කොයිකටද වැටෙන්නේ අපේ හාමුදුරුවනේ .නීතිය නිශ්ශබ්දවෙලා දේශපාලනය නිසා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site