IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රාජාංගණයේ අවතැන්වූවන්ගේ පිහිටට සඟරුවන එයි

රාජාංගණය ජලාශයේ වාන් ජලය නිසා ඒ අවට  ග්‍රාම නිලධාරී කොට්ඨාස කීපයක ජනතාව ජලගැල්මට හසුවී අවතැන් වී ඇති අතර දින කීපයක් කඳවුරු වල සිටි ජනතාවට ලැබී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිට පමණක් බව කියති.

නිවෙස් වල අඩි 5-7 ප්‍රමාණයට ජලය ගැලීම නිසා පොත්පත්, ඇඳුම් ආදී බොහෝ දේ ඔවුනට අහිමිවී ඇත.  ගොවිතැනින් ජිවත්වන මේ පිරිසගේ වගාබිම් ද ගංවතුරට විනාශවී ගොස්ය.

දඹුල්ල උයන්වත්ත පුරාණ විහාරයේ විහාරාධිපති හල්මිල්ලාවේ ප්‍රේමරතන හිමියෝ සිය ගෝල හිමිවරුන් සමග මේ ජනතාවට අවැසි භාණ්ඩ ආහාර සොයා පිඩු සිගා වැඩියහ.

දඹුල්ල නැණසල ප්‍රධානි චන්දිම බණ්ඩාර මහතා සිය ගෝලයන් සමග ආධාර එකතු කළහ. ඉනාමළුව පන්සලේ විහාරාධිපති නින්දපැල්ලේ උදිත හිමියෝ ද සිය දායකයන් සමග එක්වී ජනතාවට අවැසි භාණ්ඩ එකතු කළහ.

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර මහතා ,දඹුල්ල පහලවැව සණස සමිතියේ සභාපති නීතිවේදී කේ .ජි .විජේරත්න මහතා, කලාවැව ධාතුසේන එක්සත් මරණාධාර සමිතිය ,අනුරාධපුර තුරුණු සමිතිය එක්ව මේ භාණ්ඩ එකතු කොට මේ ජනතාවට ලබාදීමට පියවර ගත්හ.

adara-012016523 adara-022016523 adara-022016525 adara-022016526 adara-022016527



අදහස් (0)

රාජාංගණයේ අවතැන්වූවන්ගේ පිහිටට සඟරුවන එයි

ලක්ෂ්මන් Monday, 23 May 2016 07:57 AM

ආදර්ශමත් බුද්ධ පුත්‍රයන් ගැන හදපිරි සතුට. බුදු සසුන බැබලේවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 157 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site