IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රඟපාන්න ආරාධනා ගොඩක් දුෂේනිට ලැබෙනවා

20160328-ent-09
 

සිරස රූපවාහිනි නාලිකාවේ රාත්‍රි 7.30ට දිග හැරෙන සඳුන් රාජකරුණාගේ "ආදරේ ගින්දරක්" ටෙලි නාට්‍යයේ "උපේක්ෂා" ලෙස ඔබේ ආලින්දයට ගොඩ වදින දුෂේනි මියුරංගී මේ දිනවල බොහෝ ප්‍රේක්ෂයන් පිරිසගේ ආදරය දිනූ නවක රංගන ශිල්පිණියකි. පසුගිය වසරේ පැවති "මිස් ක්වීන් ඔෆ් ඒෂියා" තරගයේ ජයග්‍රාහිකාව බවට පත් වූ දුෂේනි ඉන් පසුව සඳුන් රාජකරුණාගේ අධ්‍යක්ෂණය කළ "ආදර වැස්ස" ටෙලි නාට්‍යය තුළින් සිය පළමු රංගනය ඉදිරිපත් කර රංගන ක්ෂේත්‍රයට පිවිස ඇත. මේ වනවිට "ආදරේ ගින්දරක්" ටෙලි නාට්‍යයේ "උපේක්ෂා" ලෙස ඉතා ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති දුෂේනි "සාරවිට" අපි සමගින් මෙසේ සිය අදහස් බෙදාහදා ගත්තෙමු.

"සඳුන් රාජකරුණා මහත්මයාගේ "ආදරේ ගින්දරක්" ටෙලි නාට්‍යයේ "උපේක්ෂා" ලෙස මේ වනවිට අසිමිත ජනප්‍රියත්වයක් මම ලබමින් ඉන්නවා. ඇත්තටම හිතේ තිබුණ දෙයක් නෙමෙයි නිළියක් වෙන එක. ඒත්, අද වනවිට නිළියක් විදිහට ක්ෂේත්‍රයට ඇවිල්ලා රසික, රසිකාවියන්ගේ ආදරය ලබන විට ලොකු සතුටක් දැනෙනවා. ඉතින් නිළියක් වීම ගැන අද මම නිහතමානිව සතුටු වෙනවා. "උපේක්ෂා" චරිතය හරහා මාව ගොඩ දෙනෙක් අඳුන ගත් නිසා ඉදිරියේදී නිර්මාණය කරන්නට සැලසුම් කරලා තියෙන බොහෝ නිර්මාණ වලට සම්බන්ධ වෙන්න කියලා මට දැන් ආරාධනා ලැබෙනවා. නමුත්, ක්ෂේත්‍රයට මම තවමත් අලුත් කෙනෙක්. ඉතින් තව අලුත් වැඩකට යොමු වෙන්න තරම් මට අත්දැකිම් මදි. අනික මම දැනට ව්‍යාපාර කළමණාකරණය පිළිබඳව උපාධියක් හදාරනවා. එහි වැඩ කටයුතු අවසන් කරලා තාත්තාගේ වැඩ වලට සම්බන්ධ වෙන්න තමයි මම හිතාගෙන ඉන්නෙ. ඒත්, හොඳ නිර්මාණයකට කතා කළොත් මම අනිවාර්යෙන්ම ඒ කලා කටයුත්තට කැමති වෙනවා."

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - සඳුන් ගමගේ


20160328-ent-01
20160328-ent-02
20160328-ent-03
20160328-ent-04
20160328-ent-05
20160328-ent-06
20160328-ent-07
20160328-ent-08

 



අදහස් (0)

රඟපාන්න ආරාධනා ගොඩක් දුෂේනිට ලැබෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site