IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රංග සොයිසාගේ 'ළං වෙලා ළඟ' ගීතය ළඟදීම

2016-04-07-ent-09

යෞවන ගායකයෙකු වන ඔහු නමින් රංග සොයිසාය. ගීත නිර්මාණ කිහිපයක්ම සිදුකර ඇති ඔහු ළඟදීම තවත් ගීතයක්, රූප රචනාවක් සමගින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි. මේ ඒ පිළිබඳව අප සමග ඔහු දැක්වූ අදහස්ය.

 

2016-04-07-ent-10මොනවද ඔබේ නවතම ගීත?

"ළං වෙලා ළඟ" කියලා ගීතයක් ළඟදීම එළිදක්වනවා. ඒ වගේම "හීනය හීනය සේ" කියලා හින්දි ගීතයක තනුව සඳහා සිංහල ගීතයක් ගැයුවා. එහි තිබෙන්නෙ ඕඩියෝස් විතරයි තියෙන්නෙ. ඒ ගීතය අන්ර්ජාලයෙන් අහන්න පුළුවන්.

 

මේ වනවිට ඉදිරිපත් කරලා තිබෙන ගීත නිර්මාණ?

"අදත් ගෙවුණා" කියලා ගීතයකින් තමයි මම මුලින්ම ආවේ. දැනට මගේම කියලා සින්දු 5ක් ගායනා කරලා තියෙනවා.

 

වෘත්තීමය වශයෙන් ඔබ ගායකයෙක්ද?

නෑ, මම දැනට ලංකා විදුලි බල මණ්ඩලයේ ආරක්ෂක අංශයේ සේවය කරනවා. මීට කලින් මම රත්නපුරේ Flowers කියලා බෑන්ඩ් එකක හිටියා.

 

ගීත එකතු කරලා සංයුක්ත තැටියක් කරනවද?

සීඩී එකක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. තව ගීත ටිකක් කරලා සේරම එකතු කරලා සීඩී එකක් කරනවා.

 

තවමත් ඔබ සංගීත කණ්ඩායමේ කටයුතු කරනවද?

දැන් බෑන්ඩ් එකේ නෑ. රැකියාව කරන ගමන්, මගේ නමින් ගීත නිර්මාණ කරමින් ඉන්නවා.

 

ඔබ ප්‍රසංග සඳහා සහභාගි වෙනවද?

ඔව්. එළිමහන් ප්‍රසංග සඳහා සහභාගි වෙනවා. අලුත් අවුරුද්දටත් ප්‍රසංග කීපයකටම ආරාධනා කරලා තියෙනවා.

 

ඉදිරියේදී නව නිර්මාණ කරනවද?

ඔව්, කරන්න ඕන. මේ ටිකේ ටිකක් කාර්ය බහුලයි. ලං.වි.ම. රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලිය මේ දිනවල පැවැත්වෙන නිසා ටිකක් කාර්ය බහුලයි. ඒ නිසා ගීතක් කරන්න ටිකක් ප්‍රමාදයි. අලුත් අවුරුද්දෙන් පස්සෙ අලුත් ගීතයක් කරනවා. මගේ පුතා ඉපදුනේ මේ ළඟදි. එයා වෙනුවෙන් ගීතයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

ඔබට උදව් කළ අය ගැන මතක් කළොත්?

මගෙ තාත්තා නෑ. අම්මා, ලං.වි.ම. ආරක්ෂක කළමණාකරු ටේජර් රත්නායක ඇතුළු සහෝදර නිලධාරීන්, මගේ බිරිඳ, අලුතෙන් ඉපදුණු පුතා, සමන් ක්‍රිශාන්ත, ගංගා සුදර්ශනී කරුණාරත්න, අජිත් දිල්ෂාන්, හර්මන්ද සොයිසා, දොස්තර නැන්දා ඇතුළු සියලු දෙනාම මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම කියන්න ඕන මම දැනට තලවතුගොඩ ජයතිස්ස සර් ගාව සංගීතය හදාරනවා.


0712 505 080

සඳමාලි

 

tharunaya


2016-04-07-ent-07



අදහස් (0)

රංග සොයිසාගේ 'ළං වෙලා ළඟ' ගීතය ළඟදීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site