(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් ආසාදිතයන් වැඩි වුවහොත් සමහරුන් නිවෙස්වලත් ඉදිරියේදී රැඳවීමට සිදුවනු ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
එසේ රැඳවීමට සිදුවන අවස්ථාවල දී අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් සකස් කරගෙන යන බවද ඇය කීවාය.
මේ අතර අවශ්‍යතාවක් ඇතිවුවවොත් ඉදිරියේදී රට වසා දැමීමට වුව සිදුවිය හැකි බවද රාජ්‍ය ඇමැතිවරිය ප්‍රකාශ කළාය.
පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම
මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අ
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දූත මණ්ඩල ප්‍රධාන
ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර පසුගිය මාස හතරේ දී පමණක් 278 දෙනකු සඳහා ඊශ්
පානදුර නගර සභාවට මෙවර තරඟ කරන අපේක්ෂකයකු රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කියයි.
මහනුවර නගරයේ කච්චේරිය ඉදිරිපිට හරස් වීදීය සහ පදිකවේදිකාව ද සම්පූර්ණයෙන්ම අවහිර වන ලෙස යතුරු පැදි නතර කිරීමෙන් පාදිකයන්ට මෙන්ම වාහන ගමනා ගමනයට මඟක්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රෝගීන් වැඩි වුවහොත් ප්‍රතිකාර නිවෙස්වලම
සමිත සේනක අලුත්ගමගේ. Friday, 07 May 2021 02:33 PM
අපූරු ඇමැතිවරු. කියනා ලස්සන විතරක් කිසිම හිරිකිතයක් නැතිව... ලෙඩ්ඩු ගෙවල් වලම තියාගන්න ඇමැතිවරු හා රජයක්, විශාල වියදම් දරා පවත්වන පාර්ලිමේන්තුවක් කුමටද? අනිත් කාරණය තමයි. ලෙඩේ හොඳටම වාඩිවෙන්න අැරලා වෛරසය තවතවත් වැඩි වුණාම තමයි රට ලොක්ඩවුන් කරන්න හදන්නේ. නියම මොළ. මහදැනමුත්තා ගේ නුවණ...
RathnayakaSaturday, 08 May 2021 05:56 AM
ඇමතිවරු කියන්නේ බැනලා තේරුමක් නැති ජාතියක්. මෙතන ඊට වඩා අමන වැඩක් වෙලා තියෙනවා. චීනයේ එන්නත් ලක්ශ 6ක් ලැබිලා දැන් මාස ගාණක් ගබඩා වල. අන්න ඒක දෙන එක වළක්වන්න බටහිර ගැති වෛද්‍ය සෙට් එකක් මුල් වෙලා තියෙනවා. ඔවුන් ඒක ලංකාවේ හදිසි භාවිතයට අවසර දුන්නේ නෑ. අන්න ඔවුන්ට විරුද්ධව මිනීමැරීමේ චෝදනාව යටතේ නඩු පැවරිය යුතුයි.
Samare Friday, 07 May 2021 03:38 PM
කොහොමද කාර්ය සාධන බලකායේ ලොක්කා දුන්න ටෝක්ස්. දවසට ලෙඩ්ඩු 2,000 ක් ආවත් අපි සුදානම් කීවා. දැන් මොකද කියන්නේ...? ඇමතිතුමිය කියනවා ගෙවල්වලම ලෙඩ්ඩු තියන්නලු. අපට කියන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න කියලද?
pakeer Friday, 07 May 2021 03:57 PM
හරි සන්තෝෂයෙන් හිනාවේවි ... සල්ලි නැතිනම් හිඟාකන්න. රජයේ ලොකු ලොක්කන් පස්සේ යන්නේ නැතිව. ඒ අයට ඕනෑ ඒවා නුඹලාට කියලා තමයි ජනතාවට කියන්නේ..දැන් තමයි ඕනේ.. ඒක ඕන ගොනෙකුට තේරෙනවා. ඕක කරන්න තිබුණේ මීට සුමාන 02කට කළින් කියලා. නුඹලාට හොඳ හරක් නාවන්න තමයි. මෝඩ වැඩ...
Nihal Friday, 07 May 2021 05:02 PM
ලෙඩෙක් දාන්න ඇඳක් නැතුව ගෙදර තියනවා නම් ප්‍රතිකාර කෙරෙයි ද? කිසිම සුදානමක් නැති පාලනයක්.
Sri Lanka Friday, 07 May 2021 08:52 PM
ඔක තමයි කලින් ඉදලම අපි කිව්වේ
Ranjith silva Saturday, 08 May 2021 01:22 AM
කුම්බලා මාලු කෑවා නම් විඳවාපන් කිව්වාලු...
wca Saturday, 08 May 2021 01:24 AM
හොඳයි ඉතින් ඔයගොල්ලෝ කියන එකක් තමයි. මොකද අපි ඉස්පිරිතාල හදාගෙන පදිංචි වෙන්නයෑ..
Chuti malli Saturday, 08 May 2021 01:32 AM
මොංගල් ද? අපි බදු ගෙවනවනේ.. සතුටින් ඉන්න හොඳේ..
ranjith Saturday, 08 May 2021 04:35 AM
කර්ය සාධක බලකායට දක්ෂ වසංගත රෝග විද්‍යාඥයින් තමයි අවශ්‍ය... වැළැක්වීම සහ මෙහෙයුම් කියලා බලකා 02ක් තිබිය යුතුය.
Rata Perata Saturday, 08 May 2021 06:24 AM
මේක කියන්න කැමැති කෙනෙක් ඉන්න ඕනෙද? ඕන කෙනෙක්ට ඕක තේරෙනවා. ඉස්පිරිතාලවලට ඕනෑ ඇඳන් දෙන්න බැරි නම් ගෙදර තමයි ඉන්න වෙන්නේ.. නැතිව පොල්ගස් යට ඉන්නද? ඒ වගේම අවුරුදු සැණකෙළි තියලා අර මහින්ද ඇතුළු නඩය කරපු විනාශය නිසා රට වහන්න වෙනවා තමයි. ඕවා සැලසුම් නොවේ. ඕවා එන අතකට ගහන උළුවහු...
චමින්ද ජයනාත් ජයසූරිය Saturday, 08 May 2021 06:59 AM
මරු.... රෝගින් ගෙවල්වල තියලා රට ලොග් ඩවුන් කරපුවාම... මම හිතුවා ඕක අවසානයට කියයි කියලා... මොකද දැන් රජයට ලබා ගන්න කියලා දෙයක් නෑනේ... ඉතිං මිනිස්සුන්ට මොනවා වුණාම මොකද..?
jaye Saturday, 08 May 2021 09:18 AM
ගම හදන්න තියෙනවා...
sampath Saturday, 08 May 2021 10:09 AM
කොරෝනා නෙවේ.., ඕනෑම ලෙඩක් සඳහා රෝගියා ගෙදර තියලා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ජංගම සේවය කළා නම් වියදමත් අඩුයි. මිනිස්සුන්ටත් පහසුයි. මේක මුල ඉඳන්ම මගේ පුද්ගලික අදහසක්.. මොකද මේ වගේ තත්වයක් නැතිව පාලනය කරන්න බැහැ. ගෙවල් වල තියලා ප්‍රතිකාර සහ නිරීක්ෂණය ඉතා වැදගත්..