IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


රැකියා 150,000 පත්වීම් ප්‍රදානය කඩිනමින්

මහ මැතිවරණය හේතුවෙන් නතර කෙරුණු,   උපාධිධාරීන් හා අඩුආදායම්ලාභින්ට රැකියා ලබා දීමේ වැඩසටහනෙහි පත්වීම් ප්‍රදානය  කඩිනමින්   ක්‍රියාත්මක කිරීමට  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
 
එම  පත්වීම්ලාභීන්ට  සැප්තැම්බර් 01 වැනිදා සිට සේවයට වාර්තා කිරීමට  දැනුම් දෙන  බවද  ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.  
 
රැකියා ලාභීන්ගේ නාම ලේඛනය ලබන ඉරිදා ( 16) වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලීය වෙබ් අඩවියේ පළ කරනු ලබන අතර  තෝරාගනු ලැබූවන් සඳහා පත්වීම් ලිපි යැවීම සඳුදා ( 17) ආරම්භ කෙරේ. එමෙන්ම සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගේ නම් ලේඛනයේ නොමැති නම් ජනාධිපති ලේකම් කාර්යාලෙයන් විමසිය හැකි බවද  එම නිවේදනයේ සඳහන්ය.
 
උපාධිධාරීන්හට රැකියා 50,000 ක් හා අඩුආදායම්ලාභී  100,000 කට රැකියා ලබා දීම සඳහා  මහ මැතිවරණයට පෙර රජය සැළසුම් කර තිබිණි.
 
ඒ සම්බන්ධව  ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය ඉහත දැක්වෙයි.



අදහස් (9)

රැකියා 150,000 පත්වීම් ප්‍රදානය කඩිනමින්

pradeepa Friday, 14 August 2020 08:19 AM

ජොබ් දුන්නට මදි එයාලගෙන් මේ රටට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන්න ඕනේ... නැතිනම් ජනතාවට ලොකු බරක් වෙනවා.

:       1       82

අමරසිංහ Friday, 14 August 2020 10:36 AM

දැන් එහෙනම් රැකියා තියෙන ජනතාව ලෑස්ති වෙන්න මේ අයගේ පඩි වෙනුවෙන් වැඩි වෙන බදු ගෙවන්න.

:       1       80

lal Friday, 14 August 2020 10:37 AM

අඩු ආදායම් ලාභින් කියන්නේ පොහොට්ටුවේ පාර්ශිකයින් පමණද? රජයක් කියන්නේ තමන්ගේ පාර්ශිකයන්ට විතරක් සැළකිම නොවේ.

:       2       27

රසික Friday, 14 August 2020 10:41 AM

මහජනයට පඩි ගෙවන්න තවත් නිකම්මු සෙට් එකක්. ඉන්න අයටත් වැඩ නැතුව ගෙවල්වලට වෙලා පිං පඩි ගන්නවා මදිවට.

:       1       125

ගල් බමුණා Friday, 14 August 2020 11:42 AM

ආණ්ඩුවේ රක්ෂාවක් ලබන්න තියෙන්න ඕන ලොකුම සුදුසුකම හිඟන පවුලක වීම! උස නම් සිකියුරිටි කොට නම් කම්කරු කීපු හාදයාටත් එහා දෙයක්නේ! පොහොට්ටුවේ මළපහ වෙලා අපූරුවට... !

:       0       85

Chandi Friday, 14 August 2020 01:18 PM

මේ කමෙන්ට් දැන ඔක්කොම අය තවම ඡන්දෙන් පැරදුණු එකට හිතේ අමාරුවෙන් ඉන්නේ. හා...හා

:       79       1

චතුරFriday, 14 August 2020 01:50 PM

මේ කමෙන්ට් දාන අයට රු ලක්ෂ 6-7 හම්බ වෙන රැකියා තියෙනවා. ඒ අතරින් ලංකාවේ ඉන්න අයට පුළුවන් වැඩි වෙන බදු ප්‍රමාණයත් ගෙවන්න. ප්‍රශ්නය නම් මේ වැඩි වෙන බදු බර ඔබට ගෙවන්න පුළුවන්ද? එය සාමාන්‍ය ජනතාවට දරාගන්න පුළුවන්ද?

:       0       24

Pradeep Friday, 14 August 2020 02:58 PM

එක් එක් ආයතන වල නිකං ඉන්න දීලා පඩි දෙන්නේ නැතුව ඒ ඒ ආයතනවල දියුණුවට මොවුන්ගේ දායකත්වය ලබාගන්න. නැත්නම් ජනතාවට තවත් අමතර බරක්. බොහොමයක් රාජ්‍ය ආයතනවල සේවක සේවිකාවන් වැඩකරනා හැටි අපි අත්දැකලා තියනවා.

:       0       0

චතුරංග Thursday, 11 March 2021 06:36 AM

අපිට තාම රජයේ රැකියාව ලැබුණේ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 351 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site