IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට ආධාර

(විමුක්ති එස් රුද්‍රිගු)

යුරෝ ලක්ෂ දෙකක මුදලක් මානුෂීය ආධාර ලෙස ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන බව යුරෝපා සංගමය නිවේදනය කර ඇත.

එම මුදල ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 74ක් පමණ වන බවත් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමය තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි  දුප්පත් පවුල් 80,000 ක් සඳහා අත්‍යාවශ්‍ය සහාය ලබා දීමට මෙම ආධාර ප්‍රයෝජනවත් වනු ඇතැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

"මේ සහනාධාරය අවදානමට ලක් විය හැකි පාර්ශවයන්ට ඉතා වැදගත්. මේ අවස්ථාවේ මිනිසුන්ගේ අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීම තුලින් පිරිහෙන ආර්ථිකයෙන් මිනිසුන්ගේ ජීවිතයට ඇති වෙන බලපෑම ටිකක් හෝ අවම කිරීමට හැකි වේවි" යැයි ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චෙයිබි මහතා පැවසීය.



අදහස් (1)

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට ආධාර

බද්රානි Friday, 06 May 2022 02:58 PM

කරුණාකර, ලංකාව වැනි රටකට ආධාර ලබාදෙන එක නවත්වන්න. ලංකාවේ පාලකයින් හොරා කනවා. ඒ වගේම ජනතාව කාලා වැඩිවුණාම ඇඟවල් වල තෙල දාලා දැඟලිල්ල වැඩිවෙනවා. ඒ වගේම ආගම, ධර්මය විකුණගෙන කන රැලක් මේ රට වනසනවා. ඒ අය හිඟාකමින් කියන්නේ "ලෝකෙන්ම ප්‍රෞඩ ජාතියලු" අපි. ඔය යුරෝපා සංගමයට අයත් රටවල් වල ඕනෑතරම් දිළිඳු ජනතාව ඉන්නවා ඒ අයට ඒ මුදලින් ආධාර කරන්න. චීනෙයි, ඉන්දියාවෙයි කුලියට අරන් තියන හයිය අරගෙන, ලෝකෙටම ලොක්කන් යයි සිතාගෙන ඉන්න මේ අමනයින්ට මොකටද යුරෝපයෙන් ආධාර..?

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 677 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site