IMG-LOGO

යළ කන්නයට අවශ්‍ය යූරියා ඉන්දියාවෙන්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1 ක ණය පහසුකම යටතේ යළ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65000 ක ප්‍රමාණයක් ලබා දීට  ඉන්දීය රජය තීරණය කර ඇත.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දියාවේ පොහොර දෙපාර්තමේන්තුවේ ලේකම් රාජේශ් කුමාර් චතුර්වේදී මහතා අතර හමුවකදි මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකාව යූරියා පොහොර ලබා දීමේදී චතුර්වේදී මහතාගේ මැදිහත් වීම පිළිබඳ මහ කොමසාරිස් මිලින්ද මොරොගොඩ මහතා ස්තුති කළේය.

දැනට පවතින ණය පහසුකම යටතේ සහ ඉන් ඔබ්බට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට රසායනික පොහොර අඛණ්ඩව සැපයීම සහතික කිරීමේ ක්‍රම සහ කළ හැකි ආකාරය පිළිබඳ මොරොගොඩ මහතා සහ චතුර්වේදී මහතා තවදුරටත් සාකච්ඡා කළහ.

මෙම හමුවට නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව,උපුල් පුෂ්පකුමාර සහ ගාමිණි සරත් ගොඩකන්ද යන මහත්වරුන් සහභාගී වූහ.

 



අදහස් (5)

යළ කන්නයට අවශ්‍ය යූරියා ඉන්දියාවෙන්

කිර්ති. Saturday, 14 May 2022 10:07 AM

මොකක්ද මේ කළුකඩ අපරාදේ? මේ ගණන්හිලව් අනුව යූරියා ටොන් එකක් ඇ.ඩො 15385ක් වෙනවා. ලෝක වෙළඳපොලේ මිලගණන් අනුව 15 ගුණයක්. මේ මිල ගණන් අනුව කි.ග්‍රෑම් 50 ක යූරියා මල්ලක් රුපියල් 284600. වැටිලා තියන ප්‍රපාතය අනුව දැන්වත් මේ මගඩි නවත්තපල්ලා...

:       7       0

ravin Saturday, 14 May 2022 10:14 AM

වැඩේ නම් හොඳයි. හැබැයි පොඩි කොස්සකට තියෙන්නේ කොමිස් පප්පෙක් කොනක ඉන්න එක තමයි. මේ වැඩේ රජයයන් දෙකක් අතර ගණුදෙණුවක් කළොත් සාර්ථක වේවි..!

:       0       1

රටවැසියා Saturday, 14 May 2022 10:51 AM

දේශමාමක පරිසර වේදියෙක් මෙන්ම සාර්ථක ගොවියෙක් ලෙස සැලකිය හැකි තිලක් කන්දේගම ශූරීන් කියන්නේ ලංකාවට ඕනෑතරම් (යූරියා) නයිට්‍රජන් අකුණුවලින් ගතහැකියි කියලා.. ඒ සඳහා නියමිත කාලයේ වගාවන් ආරම්භ කරන්න කියනවා.. දැනට අකුණු ලැබෙනවා. එසේනම් කුඹුරු වපුරන්න ඕන අප්‍රේල් 13ට කළින් හා ඔක්තෝබර් 15ට කළින්... එසේම එතුමා කියනවා එහෙම කරන්න බාධාවක් වන්නේ එම කාලයට ජලය නොදෙන නිසා කියලා ඇත්තටම කෘෂිකර්ම බලධාරීන්ට එක් ප්‍රදේශයක නැත්නම් ගමක මේ අදහස පරීක්ෂා කරන්න බැරිද? එහෙම සාර්ථක වුණොත් යූරියා මොකටද? විනිමය ඉතිරි වේද?

:       5       1

යෝගා Saturday, 14 May 2022 01:22 PM

අපේ කම්මැලි මෝඩ ගොවීන්ට ඔය කතා අදාල නෑ. ඔවුන්ට ඕන මොකක් හරි වසක් ගහලා කීයක් හරි හොයාගන්න. වකුගඩු දෙකම ඇඹරිලා ගියත් ඔය වලෙන් නම් ගොඩ එන්නේ නෑ..

:       1       1

de silva Saturday, 14 May 2022 01:11 PM

රටවැසියා කියන විදිහට අපි අපේ කුඹුරට අකුණක් ගහනතුරු ඉන්න ඕනේ.. පොල්, ගෑස්වලට අකුණු වැදුණත් කුඹුරුවලට අකුණු වදින කතාව මම අහලා නැහැ. කරුණාකර මේ නොකෙරෙන විකාර දේවල් කියන්නේ නැතිව ඉන්න ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 494 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 925 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site