IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


යෝෂිතගේ උගන්ඩා ගමනට මහේස්ත්‍රාත් බෑ කියයි

සිය පියා සමග උගන්ඩා නව ජනාධිපති පදවි ප්‍රාප්තියට උගන්ඩාවට යාමට යෝෂිත රාජපක්ෂ කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා එම ඉල්ලීම මහාධිකරණයට යොමු කරන ලෙසත් දැනුම් දුන්නේය.

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් රූපවාහිනී නාළිකාවේ අයථා ගනුදෙනු සම්බන්ධයෙන් ඔහු ඇතුළු සිව් දෙනෙක් ඇප මත මුදාහරිනු ලැබ සිටිති. ඔවුනට විදේශ ගතවීමද මහාධිකරණයෙන් තහනම් කර තිබේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ලැබී ඇති ඇරයුමක් අනුව පියා සමග එහි යෑමට සතියකට අවසර දෙන්නැයි යෝෂිතගේ නීතිඥවරු ඉල්ලා සිටියහ. 



අදහස් (0)

යෝෂිතගේ උගන්ඩා ගමනට මහේස්ත්‍රාත් බෑ කියයි

පද්මිණි Saturday, 07 May 2016 05:11 AM

ජරමර අස්සේ බර කරත්ත . එහේ පාසලකට වත් ඇතුළු කරලා දරුවට උගන්වන්න ද.(හේ)

:       0       0

සිරිමල් Saturday, 07 May 2016 05:25 AM

එක ජාතියේ කුරුල්ලෝ එක අත්තට වහන්න එනවාලු. අපි නොදන්න උගන්ඩාව.(හේ)

:       0       0

මහීන් Friday, 06 May 2016 02:42 PM

මේ ඉඩිඅමීන් හිටපු රට නේද? (නි)

:       0       0

දුමින්ද Saturday, 07 May 2016 05:39 AM

උගන්ඩාව එක්සත් ජාතීන්ගේ රටක් නොවේද.....(හේ)

:       0       0

රොකී Friday, 06 May 2016 02:53 PM

උගන්ඩාවට යන්න හදන්නේ ඇයි? (නි)

:       0       0

විද්‍යා Friday, 06 May 2016 03:39 PM

අයියෝ, මොකද මේ වගේ රාජ්‍යවලට යන්නේ? (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Saturday, 07 May 2016 09:04 PM

ලෝකේ රටවල් විශාල ගණනක් මහින්දට එරෙහිවුණ කාලේදී “මහින්ද සර්" කියලා, සමහර රටවල් වලින් ලැබුන සහයට ප්‍රතිචාර දැක්වීමටනේ මෙච්චර දුර ගෙවා අප්පච්චි එක්ක නෑගම් යාමට පුතා සුදානම් වෙන්නේ! (නි)

:       0       0

සජින් Friday, 06 May 2016 04:18 PM

රටේ සල්ලි හොරකම් කරලා කියලා චෝදනා ලබලා උගන්ඩා යන්නද අහන්නේ?

:       0       0

රොහාන් දයාදර Friday, 06 May 2016 05:42 PM

පොදු විපක්ෂය කියලා කට්ටියක් එකතුවෙලා මහින්ද රාජපක්ෂ බලයට ගෙනඑන්න කොච්චර වලිකෑවත් මහින්ද රටේ ජනාධිපති වෙලා ඉන්න කාලේ ආශ්‍රය කරපු විදේශීය නායකයෝ දිහා බලපුවම හිතාගන්න පුළුවන් මහින්ද රාජපක්ෂ කියන්නේ මොනවගේ නායකයෙක්ද කියලා (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 06 May 2016 07:20 PM

අධිකරණය මඟින් ලබාදුන් මේ තීරණය මුළු රටම අගය කළයුතු වෙනවා. මෙතරම් අතිවිශාල මූල්‍ය වංචා චෝදනා රැසකට මුහුණ පා සිටින මොහු, අප්පච්චි එක්ක මොකට රට යන්න හදනවද? කළු ලෝගු අඳින අප්පච්චි සහ සහෝදරයාවත් කිවුවේ නැද්ද මහාධිකරණය මඟින් විදේශ ගමන් තහනම් කර තියෙද්දී මහේස්ත්‍රාත් උසාවියකින් එය ආපසු හරවා ගන්න බැහැ කියලා? (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Friday, 06 May 2016 10:03 AM

අැයි ඇමරිකාව ජර්මනිය එංගලන්තය වගේ රටවලට යන්නේ නැතුව මේ වගේ රටවලට පමණක් යන්නේ. (නි)

:       0       0

සත්‍යයා Friday, 06 May 2016 11:07 PM

උගන්ඩා නොවෙයි සෝමාලියාවට යවන්න හිතෙනවා මට නම් (නි)

:       0       0

දිලිප් Friday, 06 May 2016 10:10 AM

ආරාධනාව නිල මට්ටමින්ද? නොනිල මට්ටමින්ද? වත්මන් ජනපතිටත් ආරාධනා කරලද? දෙන්නටම එකට යන්න බැරියෑ (නි)

:       0       0

සමන් Friday, 06 May 2016 11:52 PM

කට්ටියක් ඡී8 සමුලුවට, රාජපක්ෂ මහතා උගන්ඩාවට... අනේද කියන්නේ? (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 06 May 2016 11:00 AM

අප්‍රිකාවටයි ඉරානයටයි හැරෙන්න මේ අය වෙන කුමන රටකට යන්නද? අනිත් ඔක්කොම රටවල් තරහයිනේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 07 May 2016 01:38 AM

රටේ වාසනාවට ජනවාරි 8 වෙනිදා අපේ රට ඒකාධිපති පවුලකින් නිදහස් කරනොගන්න අපේ රටත් මේ වෙනකොට උගන්ඩාවක්, සෝමාලියාවක්, ඉතියෝපියාවක් වෙලා ඉවරයි. (නි)

:       0       0

චතුරි Friday, 06 May 2016 11:14 AM

නියම තැනකටනේ යන්න හදන්නේ. (නි)

:       0       0

නුවන් Friday, 06 May 2016 11:16 AM

අයියෝ! යන්න ඕනෑ රටක්ද උගන්ඩාව කියන්නේ?? (නි)

:       0       0

මනෝජ් Friday, 06 May 2016 11:28 AM

පරණ යාලුවන්ගෙන් තවම ආරාධනා එනවා වගෙයි. නියම රටවල් තමා අල්ලාගෙන හිටියේ. (නි)

:       0       0

චන්දිම Friday, 06 May 2016 11:33 AM

දැන් ඉඩි අමින් එහෙ නැහැ නේද? (නි)

:       0       0

ධම්ම Friday, 06 May 2016 11:34 AM

ආණ්ඩුව අඬබෙර ගහපු විදියට මං හිතුවේ මෙයා තවම ඇතුළේ කියලා. (නි)

:       0       0

මොහාන් Friday, 06 May 2016 12:23 PM

ස්වාසිලන්තේ පැත්තේ යන්න අදහසක් නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site