IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යාපන ව්‍යාපාරිකයා ඝාතන තැත වරදී : තුනක් සැකපිට

විවිධ පළාත්වල සිටින ධනවත් ව්‍යාපාරිකයන්ගේ මුදල් හා දේපල පැහැරගන්නා ආයුධ සන්නද්ධ   කල්ලියක සාමාජිකයින් තිදෙනකු අවි ආයුධ සමඟ  වවුනියාව නගරයේදී අත්අඩංගුවට ගැනීමට වවුනියාව කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු සමත්වූහ.

වවුනියාව නගරයේ බස්රථවලින් සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබ`ද තොරතුරු එක්කරමින් සිටියදී  මේ තිදෙනා ගැන සැක සිතී   පරීක්ෂා කරද්දී ඔවුන් සතුව තිබී   පිස්තෝල දෙකක් , උණ්ඩ, කිණිසි, මුහුණු ආවරණ , අත්වැසුම් හා කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් සහ  රුපියල් විසිපන්දාහක්  අත්අඩංගුවටගෙන ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවටගත් කොල්ල කල්ලියේ එක් සාමාජිකයකු යුද හමුදා ඉංජිනේරු බලකායෙන් පැනගිය සෙබලෙකු වන අතර කොල්ල කල්ලියේ ප්‍රධානියා කොළඹ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි ‘පුංචි සක්විති ‘ නමින් ප්‍රසිද්ධියට පත්  පුද්ගලයකු බවත් කියති

 ‘පුංචි සක්විති නැමැත්තා විසින් රාජගිරිය ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධියට   හා පිරමීඩ ක්‍රමයට කෝටිගණනක මුදල් වංචා කිරීම,  හසලක ප්‍රදේශයේ දහවල් ඉන්ධන ගබඩාවකට ඇතු`ඵවී මුදල්  කොල්ලකෑම් වැනි අපරාධ කියිහපයක් සම්බන්ධයෙන්   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව   සොයමින් සිටින පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.

පොලිසිය   සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිව ඇත්තේ යාපනය ප්‍රදේශයේ  ව්‍යාපාරිකයකු ඝාතනය කොට ඔහුගේ මුදල් හා දේපල පැහැරගැනීමට පැමිණි බවයි.

wawuniyawa-2015-dec-20-01 wawuniyawa-2015-dec-20-02 wawuniyawa-2015-dec-20-03



අදහස් (0)

යාපන ව්‍යාපාරිකයා ඝාතන තැත වරදී : තුනක් සැකපිට

නාමල් Wednesday, 23 December 2015 09:26 AM

ව්‍යාපාරිකයාගේ වාසනාවට ඔහු බේරුනා (නි)

:       0       0

සරණපාල Wednesday, 23 December 2015 09:26 AM

අනේ මන්දා මොනවා වෙනවද කියලා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 99 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site