
(කේ. බුද්ධික කුමාරසිරි)
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතුරුපැදියක පසුපැදිකරු ලෙස සිටි කාන්තාවක් එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
අනතුරට ලක් වූ යතුරු පැදි දෙකම පහත්ගම දෙස සිට මීපේ දෙසට ධාවනය කර ඇති අතර මියගිය කාන්තාව තම ස්වාමිපුරුෂයා සමඟ ගමන් ගත් යතුරුපැදිය වම් අත දෙසින් ධාවනය කරමින් සිට එක්වරම මාර්ගය හරහා දකුණු පැත්තට ධාවනය කරවීමේදී එම දෙසටම ධාවනය වූ තවත් යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා සහ අනෙක් යතුරු පැදියෙහි පැදිකරු සුළු තුවාල ලබා පාදුක්ක දිසා රෝහලට ඇතුලත් කර ඇති අතර මියගිය කාන්තාවගේ දේහය එම රෝහලේ ම මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
ඒ පිළිබදව වූ හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
පාදුක්ක පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට