හික්කඩුවේ යාඥා මධ්‍යස්ථාන දෙකකට පසුගිය 11 දා ගිනිතබා අලාබහානි කළැයි කියන සැකකරුවන් 26 දෙනකු හඳුනාගෙන ඇති බවත් ඒ අතර භික්ෂූන් වහන්සේ දහ නමක් සිටින බවත් පොලීසිය ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුණේන්ද්‍රකුමාර මුණසිංහ මහතා හමුවේ අද කියා සිටියේය.
ඔවුන්ට නොතීසි නිකුත් කරන්නැයි පොලිස් අධිකාරී උපාලි බණ්ඩාරනායක මහතා ඉල්ලීමක් ද කළේය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලතල පොලීසියට ඇති නිසා නොතීසි නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විද්‍යුත් නාලිකාවල පලවූ වීඩියෝ හා ඡායාරූපවල සංස්කරණය නොකළ දර්ශන පොලීසියට ලබාදෙන ලෙස මහේස්ත්‍රාත් වරයා එම නාලිකා වලට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යාඥා මධ්‍යස්ථානයට ගැසූ අය අතර හිමිවරුත් 10 නමක්
මංජුල Thursday, 16 January 2014 09:57 PM
ශ්‍රී ලංකා රජය බුදුදහම ආරක්ෂා කරන්න බැදී සිටිනවා. රජය සිය වගකීම් ඉටු නොකරනකොට ජනතාවට බුදුදහමේ ආරක්ෂාවට ඉදිරිපත්වෙන්න වෙනවා. (අ)
කුමාර් Friday, 17 January 2014 02:00 AM
මේවට වගකියන්න ඕන කව්ද? ලෝකෙට පරකාසේ "ආගමික නිදහස, සාමකාමී සහජීවනය, ජනවාර්ගික සමගිය" ඒ උනාට ගෙදරට මරගාතේ.(නදී)
පද්මපානි Friday, 17 January 2014 02:50 AM
දුටු ගැමුණු කුමාරයා එළාර ට විරුද්ධව කළ සටනේ පෙරමුණේත් බෞද්ධ භික්ෂුන් හිටියා. දුටු ගැමුණු කුමාරයා ජය ගත්තේ ඒ හිමිවරුත් ගිහි සේනාවත් ඇතුළු හැම දෙනාට ම හොඳ විනයක් තිබුන නිසා. සටන් කිරීමේ වැරැද්දක් නැත. තීරණාත්මක සාධකය වන්නේ කොහොමද සටන් කලේ කියන එක.(නදී)
සෙන්සා Friday, 17 January 2014 12:58 PM
මේ වගේ දේවල් සිදු වීම හරිම කණගාටුදායකයි (දිල්)
නිමල් ලලිත් Friday, 17 January 2014 03:52 PM
අසහනයට පත්වූ සිංහලයන්, සිංහල බෞද්දයන් මුලාවෙන් වෙනත් ආගම වලට හරවා ගැනීම නීතිමය වශයෙන් තහනම් කළා නම් මෙවැනි දේ සිදුවන්නේ නැත. (අ)
විනෝද් Thursday, 16 January 2014 04:29 PM
මේවාට අදහස් පළකර නිකං අපාගත වෙන්න මට බැහැ (දී)
මේනකා Thursday, 16 January 2014 05:00 PM
මේවා දකින ජයත්‍යන්තරය අපිට මොනවා නොකියිද (දී)
මාර්ක් Thursday, 16 January 2014 05:15 PM
ඉතා ප්‍රශංසනීයයි. රටේ නීතිය සහ සාමය සුරැකීම පොලිසියේ වගකීමක්. කවුරු කලත් වරද වරදමය. ජාත්‍යන්තරය ශ්‍රීලංකාව ගැන ඉතා ඕනෑකමින් බලාගෙන සිටින මොහොතක් මේක.(නදී)
නලින් Thursday, 16 January 2014 05:21 PM
ආපහු නොකරන්න හොද වැඩ.(නදී)