IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මේ 'වංහුං'ගැනයි

2016-04-12-ent-203

2016-04-12-ent-201මේරියන්ස් සංගීත කණ්ඩායමේ ගීතයක් වන "වංහුං" ගීතය පසුගියදා එළිදැක්වූවා. මෙම ගීතය අවුරුදු 10කට පසුව කණ්ඩායමක් වශයෙන් නිර්මාණය කරනු ලැබූ ගීතයක් බවට පවසනවා. මේ ගීතය පිළිබඳව දැනගැනීමට මෙහි නායක නලින් පෙරේරා අප මෙලෙසින් එක්කර ගත්තා.

මේ සිංදුව ඇත්තටම මේරියන්ස් තනු නිර්මාණයක්. මේ ගීතයට අදහස අපි ගොඩක්ම ගත්තේ, අපි සංගීත කණ්ඩායමක් හැටියට රටේ ලෝකයේ වෙන දේවල් සසඳලා බල බල ගීත කරන සංගීත කණ්ඩායමක්. එතැනදී අපි මේ ගීතයෙන් ලෝකයටම කියන්නේ, බැරිවෙලාවත් හෙට දවස අපිට ලැබුණේ නැත්නම්, අද මොකටද මේ එකිනෙකාගේ කුණු හොය හොයා ජීවිතය විඳගන්නේ නැතිව ජීවිතයේ අඳුරෙ ඉන්නෙ කියලා තමයි අහන්නේ. මොකද මේ වගේ අදහස් අද පෝෂණය කරන්න මාධ්‍යයක්වත් ඉදිරියට එන්නේ නැහැ. අපේ රටේ සියලුම මාධ්‍ය ජාලයන් පෝෂණය කරන්නේ පැරදුණු ආදරය. ආදරයේ ශෝකාන්තය. ඉතිං ඒවා දිහා බලන කොට හරිම ශෝචනීයයි. සමස්ත මාධ්‍ය ජාලයම ඒ කරගෙන යන ව්‍යාපාරයෙම සමාජෙට වී තිබෙන ආනිශංසය අද අපිට දැනෙන්න, පෙනෙන්න තියෙනවා. මිනිසුන්ගේ ඥානයට, බුද්ධියට ඒක බොහොම පහරක් බවට පත්වෙලා. විශේෂයෙන් තාරුණ්‍යය බුද්ධිමත්ව සිතීමේ ශක්තිය බිම වට්ටලා තිබෙනවා. සාහිත්‍යයක් නැති තැන සාහිත්‍ය කලාවක් සංගීතය ලෝකය තුළ නැති තරමට කතාවක් බවට පත්වෙලා තියෙනවා. අන්තීම දුර්වල ගණයේ අදහස්වලින් නිෂ්පාදිත ගීත සංස්කෘතියක් මේ වනවිට ඇති වෙලා තියෙනවා.

ආදරයෙන් පැරදුණොත් පැරදුනාම තමයි. නැවත ආයේ දලු ලා ගෙන එළියට එන්නේ කොහොමද කියන එක හිතන්න තරුණයාට තරුණියට මාවතක් පෙන්වලා නැහැ. එක්කෝ ආදරයෙන් පැරදුණොත් ඔයා නිසා මම මැරෙනවා. ආයේ එන ආත්මෙදී හම්බ වෙමු. ඒ කියන්නෙ එතැනම ගීතයේ පැත්ත ගැන කතා කරලා ඉවරයි. අපේ ජීවිතයේ සුන්දරත්ව විඳගෙන හෙට දවසේ මීට වඩා දහම් ගුණ පතුරුව ගනිමින් ජීවිතය සුවඳවත් කරගන්න පුළුවන් කියලා කියන්න තියෙන ගීත කීයද තියෙන්නනේ. ඒක දිහා බලන කොට අපි කණ්ඩායමක් වශයෙන් ආර්ථික වාසි බලා ගෙන නෙවෙයි ගීත නිර්මාණය කරන්නේ. ජනප්‍රිය වෙයිද නොවෙයිද කියලා බලන්නේ නැහැ. ජනප්‍රිය වෙනවනම් අපි හරි කැමතියි. මිනිස්සු ඒක අහලා මිනිස්සුගේ ජීවිතයට යමක් ගන්නවානම් අපි කැමතියි. නමුත් අද සමස්ත ජනමාධ්‍යයම මිනිසුන්ව පුරුදු කරවලා තියෙනවා. වෙන පැත්තකින් හිතන්න ඒක මහා පාපයක්. හැමදාම වරද විකුණන්න පුරුදු වෙලා තියෙන සංස්කෘතිය රටක් බවට පත්වෙලා.

ආදරය, වේදනාව, විරහව තියෙන්න ඕනේ. විරාවෙන් කතාව ඉවර වෙන්න බැහැ. විරහවෙන් පස්සේ නැවත ආදරය දළුලන බව දැනගන්න ඕනේ. මම හිතනවා මේ ගීතයෙන් ගත්ත වෑයම තමයි. අපේ පසුපස එන තාරුණ්‍යයටත් සහ සමස්ත සිංහල භාෂාව තේරෙන රට වැසියන්ට මේ ගීතය විඳගන්න කියලා තමයි කියන්නේ. මෙහි පදරචනාව කරන්නේ සම්පත් ප්‍රනාන්දුපුල්ලේ මල්ලි විසිනි. මෙහි පටිගත කිරීම් කරනු ලැබුවේ මිලාන් ප්‍රනාන්දුගේ අතින් මේරියන්ස් ස්ටූඩියෝ එකේ ඇතුළෙදී.

"මේ ගීතයේ තවත් විශේෂත්වයක් වෙන්නේ මෙහි රූපරචනාව අපි කරන්නේ ශ්‍රී ලංකාවේ නෙමේ, ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරහිදී. අපි මිලියන ගණන් වියදම් කරලා මියුසික් වීඩියෝ කරන්නේ නැහැ. මේ හැමෝගේම කැපවීම තිබුණේ මම කලින් කිව්ව කාරණාවලට තමයි. මේ තමයි ආරම්භය ඉදිරියේදී එනවා සුවිශේෂී ගීත කිහිපයක්. සමාජයට අපි යම්කිසි බලපෑමක් කරන්න බලාපොරොත්තු වෙනවා. තාරුණ්‍යයට, දුවාදරුවන්ට, දෙමාපියන්ට අපේ ගීත හරහා අපේ පණිවුඩය ලබා දීමට උත්සාහ කරනවා."

ඩිලාන් ක්‍රිෂාන්ත

2016-04-12-ent-205

2016-04-12-ent-204
2016-04-12-ent-200
2016-04-12-ent-202

 



අදහස් (0)

මේ 'වංහුං'ගැනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site