IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ම.ප.ප්‍රධාන ලේකම් කාර්යාල වාහන 38ක රාජ්‍ය ලාංඡනය නැහැ

 (ජේ.කේ.එල්. චාමින්ද)

මධ්‍යම පළාත්  ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් වාහන 38ක  රාජ්‍ය ලාංඡනය යෙදිම සහ  වාහන බදෙහි ආයතනයේ නම සටහන් කිරිමට  කටයුතු කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛය අනුව  රාජ්‍ය ලාංඡනය යෙදිම සහ  වාහන බදෙහි ආයතනයේ නම සටහන් කළයුතුය.

එමෙන්ම ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත්  වාහන 09ක් සම්බන්දයෙන්  ලේඛන යාවත්කාලීනව   පවත්වා නොතිබු අතර  එම වාහනවල වටිනාකම තක්සේරුකර  ගිණුම්ගත කිරිමට කටයුතු කර නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

තවද ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් වාහන  04ක් පිළිබද තොරතුරු අනාවරණය කර නොතිබු අතර  එම වාහන මධ්‍යම පළාත් සභාවේ ආයතන විසින්  භාවිතා කරණ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වි නොතිබුණි.

එමෙන්ම  මධ්‍යම පළාත් සභාව  සතු ඝර්භිත වාහන 38ක් 2017 වර්ෂයේ දි  වෙන්දේසිකරතිබුනද  එම වාහනවල ලියාපදිංචි අයිතිය  අදාල  පුද්ගලික පාර්ශවයන් වෙත පැවරිමට කටයුතු කරනොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

 

 

 



අදහස් (1)

ම.ප.ප්‍රධාන ලේකම් කාර්යාල වාහන 38ක රාජ්‍ය ලාංඡනය නැහැ

Nilantha Tuesday, 22 October 2024 04:09 PM

පුදුමයක් නැහැ. සමහර පළාත් සභාවල තියෙන්නේ පෙඩරල් ආණ්ඩුව කියලා මධ්‍යම පළාත් සභාව කියලා ටයිප් කලාම පළාත් සභාව කියලා එන්නෙත් නැහැ. ඒවා එක් එක් අයට අවශ්‍ය ආකාරයට තමයි කටයුතු කරන්‍නේ. 1987 රජිව් ගාන්ධියා ජේ.ආර් බයකර බලෙන් පැටවීමක් කළ පළාත් සභා කියන්නේ තනිකරම සුදුම සුදු අලියෙක් පමණයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා නම් ඒවා පටන්ගත් කාලයේ පළාත් සභාවලට විරුද්ධව කැරැල්ල ඇති කළ අයට සම්බන්ධ ආණ්ඩුව ඒවා අහෝසි කරනවා නම් ලොකු සෙතක් වෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site