IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මං තමයි පොර

2016-05-05-ent-05පසුගියදා අපෙන් සමුගත් අසහාය සිනමාවේදියාගේ අවමංගල්‍ය උත්සවේ බොහොම ගාම්භීර විදියට සිද්ධවුණ.

ඒත් එතන කතාව කරන්න හැමෝම තෝරාගෙන හිටපු කෙනා වෙනුවට එකපාරටම කඩා පාත්වුණ කෙනෙක් කතාව කරන්න පටන් ගත්තලු.

කතාව පටන් අරන් එතන හිටපු ලොකු ලොක්කො මුරැංග අත්තා කියලා ඊළඟට චිත්‍රපට සංස්ථාවට දෙහිකපන්න වුණාලු... මේකෙන් වැඩක් නැහැ... මේක අරමයි මෙහෙමයි මෙතන ඉන්න අයට ඒක කරගන්න බැහැ... වගේ කතා කිය කියා මේ කතාකාරය මං පොර වෙන්න ට්‍රයි කළාලු... නිහාල්සිංහයන් සමඟ වැඩකළ පරණ අත්දැකීම් ඇති අය නිහඬ කරමින් උන්නැහේ සංස්ථාවට දොස් පරොස් කියමින් ට්‍රයි කළේ තමන් වගේ කෙනකුට තමයි මේක කරන්න පුළුවන් කියන කාරණේ රටේ ලොකු මහත්තය ඇතුළු අමුතතන්ට පෙන්වන්නලු..

ඉතින් මේ උපායශීලි කතන්දරය අහන්හිටපු නිහාල් සිංහයන්ගෙ පැරණි සගයෙක් තවත් ප්‍රවීණ සිනමාකරැවකුගෙ කනට කරල කිව්වලු... මෙයා දැන් මේක හොඳ නැහැ කියනව.. ඒත් එයා රටේ මහගෙදර මහඋපදේශකවෙලා ඉන්න කාලෙ මේක මීටත් අන්තවෙලානේ තිබුණෙ කියලා ඒක මතක් කරලා දෙන්න මම එයාට හොඳවයින් දෙකක් කියනව කියලත් කියපු මේ ප්‍රවීණය එයාගෙ කාලෙ. අනෝජලාට රෑකාන්තලට වෙච්චදේවල් ලුණු ඇඹුල් ඇතුව මතක් කළාලු...

 

DESHAYA



අදහස් (0)

මං තමයි පොර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site