IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


මාස නවයේ දරුවාට වස දී මව පැන යයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

තම සැමියා රැකියාවක් සොයා ගැනීම සදහා ගිය අතරතුර දී බිරිය තම නම මස් බිළිදාට විෂ ද්‍රව්‍යක් පොවා මරා දමා නිවසින් පැන යාමේ පුවතක් මාලිම්බඩ පොලීසියෙන් වාර්තා වෙයි.

එසේ මරුමුවට පත්ව ඇත්තේ තෙලිජ්ජවිල ඇල්ගිරිය කන්දහේනේ පදිංචිව සිටි වීරතුංග ආරච්චිගේ පසිදු ප්‍රභාත් (09) නැමැති බිලිදෙකි.

එම බිළිදා හා අවුරුදු තුනක් වයසැති දරුවා නිවස තුළ අඩන ශබ්දය අසල්වැසි නිවසේ පදිංචි ලොකු අම්මාට ඇසී පැමිණ බලන විට මෙම අපරාධය පිළිබඳව තොරතුරු හෙලි වී ඇත.

ඒ වන විටත් කෙදිරිගාමින් සිටි නව මස් බිලිදා ඉතා ඉක්මණින් ත්‍රීරෝද රථයක් ගෙන්වා අකුරැස්ස රජයේ රෝහල වෙත රැගෙන යාමට ඇය කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් රෝහල් ගත කරන විටත් එම බිලිදා මිය ගොස් සිටි බව වෛද්‍යවරු තහවුරු කළහ.

කිසියම් විෂ සහිත යමක් පොවා එම දරුවා ඝාතනය කර මව පැන යන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

ඇය විසින් ලියා තබන ලද ලිපියක් ද පොලීසිය සොයා ගෙන ඇත.එහි සඳහන්ව ඇත්තේ වැඩිමල් දරුවාට තමා ආදරය කරන බවත් මේ කළ දෙයට සමාවක් නොදෙන ලෙසත්ය.

22 හැවිරිදි සැකකාර මව සැක පිට අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මිය ගිය බීළිදාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබේ.

මහේස්ත්‍රාත් නියෝගයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට නිශ්චිත හේතුව සොයා ගන්නා බව පොලීසිය කියයි.

 



අදහස් (1)

මාස නවයේ දරුවාට වස දී මව පැන යයි

Sanju Friday, 17 June 2022 11:53 AM

හිඟාකාලා හරි දරුවා හදාගන්න තිබුණේ... දරුවන් පලි නෑ මේවාට. දරුවන් නැතුව දුක් විඳින අය කීයක් ඉන්නවද ලංකාවේ...?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති කාර්යාලයේදී වෙසක් බැති ගී දින හතරක්
2025 මැයි මස 10 49 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 377 1

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 1570 6

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2653 3

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 1088 2

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 500 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1360 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 352 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site