IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


මාස අටක කිරිසප්පයා ගහක් යට තියලා අම්මා සූදු කෙළලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කාන්තාවක් අටමස් බිලිදා යාබද නිවස ඉදිරිපිට මිදුලේ ගසක් යට තබා මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටියදී තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයකු සමඟ අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි

අත්අඩංගුවට සියලුම සැකකරුවන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයකු වන බව පොලිසිය කියයි

පිරිස බූරු ගසමින් සිටි ස්ථානයේ තිබී රුපියල් 240 ක මුදලක් සහ බූරු කුට්ටමක් පොලිස් භාරයට ගෙන ඇත

මිල්ලනිය, මානාන ,කටුගහ දෙනිය ප්‍රදේශයේ නිවසක් තුළ මුදල් ඔට්ටුවට පිරිසක් බූරු ගසමින් සිටින බවට මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ඒ ජි එන් විජේතුංග මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කර ඇත

පොලිස් නිලධාරීන් එම නිවස වටලන අවස්ථාවේ දී එහි සිටි කාන්තාවන් තිදෙනා ඇතුළු පිරිමි පුද්ගලයා නිවසින් පිටතට පලාගොස් හිස් ලූ ලූ අත වැට මායින් ද කඩාගෙන දිව යන්නට වූ අතර පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා එම පිරිස අත්අඩංගුවට ගත් බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙක් පැවැසීය

සැකකාරියන් තිදෙනා සහ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මුව ආවරණ පැළඳ නොසිටි බව පොලිසිය කියයි

සැකකාරියන් සහ සැකකරු පොලිසි වෙත ගෙන ඒම සඳහා ජීප් රථය අසලට රැගෙන යන අවස්ථා ද එක් සැකකාරියක්" අනේ සර් මගේ චූටි පුතා" යැයි පැවසීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් ඒ පිළිබඳ විමසිලිමත් වීමේ දී යාබද නිවසේ මිදුලේ ගසක් යට තබා සිටි බිලිදා දැකගත හැකිවූ බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරියන් ට එරෙහිව මුදල් ඔට්ටුවට බූරු ගැසීම හා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ආදී චෝදනා කිහිපයක් යටතේ නඩු පැවරීමට නියමිතය

පාණදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ඒ ජි එන් විජේතුංග පොලිස් පරීක්ෂක සංජීව පොලිස් කොස්තාපල්වරුන් වන 71332 ශාන්ත ,ජනිත් හා ප්‍රදීප් මහත්වරු වැටලීම සිදුකළහ



අදහස් (3)

මාස අටක කිරිසප්පයා ගහක් යට තියලා අම්මා සූදු කෙළලා

නුවන් වික්‍රමසිංහ Tuesday, 31 August 2021 06:42 PM

මිල්ලනිය නේද? අහන්න දෙයක් නැහැනේ. දන්නෝ දනිති.

:       0       0

kumarage Tuesday, 31 August 2021 11:29 PM

ලොකු හපන්කමක්නේ පොලීසිය කරලා තියෙන්නේ .අහිංසක මිනිස්සු දැක්කම කොයි පොලිස් කාරයත් චන්ඩි

:       0       0

Perera Wednesday, 01 September 2021 04:43 AM

ලබන චන්දෙන් පාර්ලිමේන්තු යන්න සුදුසුකම් තියනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති කාර්යාලයේදී වෙසක් බැති ගී දින හතරක්
2025 මැයි මස 10 44 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 372 1

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 1546 5

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2640 3

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 1078 1

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 498 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1360 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 351 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site