(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හොරු සමඟ ,නයි පෙන්වූ අය සමඟ එකතු වුනා යැයි මාලිමාවට ජනතාවගෙන් චෝදනාවක් එල්ල විය හැකි නිසා පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා ආණ්ඩුවට සහාය නොදී සිටීමට තම පක්ෂය තීරණය කළ බව පත් කළ මන්ත්‍රී දිලිත් ජයවීර මහතා (සර්වජන බලය) පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය.
පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා එක්වන ලෙස වසන්ත සමරසිංහ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී තමාට ආරාධනාවක් කර තිබූ බව කී මන්ත්‍රීවරයා ආණ්ඩුවේ ආත්ම ගරුත්වය ආරක්ෂා කර දීම සඳහා එම යෝජනාවට එකඟ නොවී සිටීමට තීරණය කළ බවද කීය.
"ආණ්ඩුව සමඟ එක්ව පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම වගේ වැඩ වලට සම්බන්ධ නොවී ඉන්න අපට සිදුවෙනවා.ඒ ඔබතුමාලගේ පක්ෂයේ ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගැනීම සඳහායි. නැත්නම් ඒක එන්.පී.පී එකට හොඳ නෑ. හොරු සමග එකතුවෙලා, නයි පෙන්නපු අය සමග එකතුවෙලා කියලා ඔබ පක්ෂයට චෝදනාවක් එන්න පුළුවන්" යනුවෙන්ද දිලිත් ජයවීර මහතා කීය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
මාලිමාව චෝදනාවලින් ගලවා ගන්න දිලිත් තීරණයක් ගනී
මැක්ස් Thursday, 22 May 2025 06:22 PM
ව්‍යංගාර්ථයෙන් දුන් නියම කණේ පහරක් !