(විමුක්ති එස් රුද්‍රිගු)
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (21) දින පැවැති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 25කින් සියයට 7.75 දක්වා අඩු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සළකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹුණු බව මහ බැංකුව පැවැසුවේය. ලිහිල් කරන ලද මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ගෝලීය අවිනිශ්චිතතා සහ පවතින අවම උද්ධමන බලපෑම් මධ්‍යයේ උද්ධමනය සියයට 5 ක ඉලක්කය කරා ළඟාවීමට සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශ්වාසය බව මහ බැංකුව ප්‍රකාශ කළේය.
පුරෝකතනය කළ අයුරින් අවධමන තත්වය පසුගිය මාර්තු මාසයේ සිට ලිහිල්වීමට පටන්ගෙන ඇතැයි මහ බැංකුව පැවැසුවේය. නවතම පුරෝකතනයන්ට අනුව පෙර අපේක්ෂා කළ ආකාරයට වඩා ඉක්මනින් කෙටි කාලීනව උද්ධමනය ක්‍රමයෙන් ඉහළ යාමේ සලකුණු පෙන්නුම් කරන බවද මහ බැංකුව ප්‍රකාශ කළේය. මෙම වසරේ තෙවැනි කාර්තුව මුලදී උද්ධමනය ධන අගයක් ගනු ඇති බවත් ක්‍රමානුකූලව සියයට 5 ඉලක්ක ගත මට්ටමට ළඟා වනු ඇති බවත් මහ බැංකුව පැවැසුවේය.
මෑත කාලීන ප්‍රමුඛ ආර්ථික දර්ශක මගින් දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල තිරසාර ප්‍රගතියක් පෙන්නුම් කරන බවත් කෙසේ නමුත් පසුගිය මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයේ සිට මේ දක්වා, ශ්‍රී ලංකාවට බලපෑමක් එල්ල විය හැකි ගෝලීය අවිනිශ්චිතතා ඉහළ ගොස් තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. මේ අතර බොහෝ වෙළෙඳපොළ පොලී අනුපාත පහළ මට්ටමක ස්ථාවර වෙමින් පවතින බවත් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවත් පහළ දැමීමෙන් වෙළෙඳපොළ පොලී අනුපාත තවත් පහළ යනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය බලාපරොත්තු වන බව මහ බැංකුව පැවැසුවේය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
මහ බැංකුව පොලී අනුපාත අඩු කරයි