IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මහ ඔය පොළොන්නරුව පාරේ පාලමක් ගිලා බසි

(නිමල් ජයරත්න)

අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ අද (26) උදෑසන පාලමක් කැඩී  සම්පූර්ණයෙන්ම ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට පොළොන්නරු දිස්ත්‍රික් ආපදා කළමනාකරන කාර්යාලයේ සඳහන් කරයි.

ඒ අනුව අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගය අරලගංවිල ප්‍රදේශයෙන් වසා දැමීමට පියවර ගත් බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකොන් සඳහන් කළේය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත්, මහවැලි සී කලාපය ඇතුළු ඉහළ ප්‍රදේශවලට පවතින වර්ෂාවෙන් ගලා එන ජලයේ සැඩ පහරට මෙම පාලම කැඩි ගිලා බැස  ගොස් ඇති.‍ඒ සඳහා විකල්ප මාර්ගය තිබුණද එම මාර්ගවලටද ගස් පෙරළී තිබීම හේතුවෙන් වාහන ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන් අඩපණ වී ඇති බවද ඒ මහතා කීය.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව ලක්ෂ උයන ප්‍රදේශය හරහා හමා ගිය ටොනඩෝ සුළඟින් නිවාස පහළොවකට පමණ හානි සිදුවී ඇති බවද අලහකෝන් මහතා පැවසීය.

 

 



අදහස් (0)

මහ ඔය පොළොන්නරුව පාරේ පාලමක් ගිලා බසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site