IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අභාවප්‍රාප්ත වෙයි

(තිලිනි  මධුෂානි)

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අද (22) දින අභාවප්‍රාප්ත විය.

මිය යන විට 80 වියේ පසු වු හෙතෙම කැළණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ හිටපු අංශාධිපතිවරයා ලෙසත් මානව ශාස්ත්‍ර පීඨයේ පිඨාධිපති වශයෙන්ද කටයුතු කර ඇත.

ඔහු විසින් රචිත කෘති 54ක් ප්‍රකාශයට පත් කර ඇති අතර නවකතා, විචාර ග්‍රන්ථ, පරිවර්තන සහ ළමා කෘති මෙහි ඇතුළත් වේ.

ඔහු විසින් රචනා කළ කෘතින්ගේ `සමාජ මුහුණුවර `1984 වර්ෂයේ සහ `යථාර්ථය සහ නිර්මාණ` 1994 වර්ෂයේ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබා ඇත.

විශේෂයෙන් 1995 වර්ෂයේ පරිවර්තනය කරන ලද සිනමා සිද්ධාන්ත හා විචාර  නැමැති කෘතිය සිනමා ක්ෂේත්‍රයේ පුරෝගාමී කෘතියක් බවට පරිවර්තනය වී ඇත.

 

 



අදහස් (6)

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අභාවප්‍රාප්ත වෙයි

චන්දන Friday, 22 March 2024 01:04 PM

සුපිරි තරුවක නික්ම යාම...ඔබගේ සේවය අමරණීය යි....නිවන් සුව ලැබේවා !

:       0       42

ranjith Friday, 22 March 2024 01:10 PM

රටේ හොද මිනිස්සු නිකන්ම යනවා. නිකන්ම යන්න ඕන උන් ඉතුරුවෙනවා.

:       0       17

මැක්ස් Friday, 22 March 2024 01:54 PM

කැලණියේදී අපත් එතුමා ගෙන් ගුරුහරුකම් ලැබුවා. නිවන් සුව ලැබේවා ඇදුරුතුමනි!

:       1       28

අරවින්ද මොනරවිල Friday, 22 March 2024 02:45 PM

විශිෂ්ඨ ගණයේ උගතෙක් හා බුද්ධිමතෙක් වු මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මැතිතුමාට අපගේ ගෞරවය ආචාරය !

:       0       24

thamara ketipe Saturday, 23 March 2024 08:14 AM

කැලණිය විශ්වවිද්‍යාලයට 82/83 අධ්‍යයන වසරේ ඉගෙනගන්න ලැබුණා. ඒ කාලයේ විශ්ව විද්‍යාලයට තේරුණු ළමයින්ගේ නම් පුවත්පත් වල පල වුන යුගයක් වුනේ එතරමටම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීම අමාරු වූ බැවිනි. රටේ විශ්ව විද්‍යාල ගණනත් අතලොස්සක් වූ බැවිනි. ඒ තරම් මහන්සියක් ගේන විශ්වවිද්‍යාලට ඇතුළු වුණත් රැග් එක නිසා විඳින්නට සිදු වුණු මානසික අවුල වචනයෙන් කියා නිම කළ නොහැකියි. පල්ලියගුරු සර් ඇතුළු ආචාර්යවරු අපි එම වාදයෙන් බේරාගන්න අපමණ කටයුතු කළා. ඒ වගේම සිංහල අංශයේ අධ්‍යාපන කටයුතු අපට කරගෙන යන්න වෙහෙස මහන්සි වී වැඩ කළා. සර් වගේ උතුමන්ලාගෙන් ඉගෙන ගන්න මමත් පින් කරලා තිබීම සැබෑවටම මම ආඩම්බර වෙනවා. සසරේ ආයේමත් අධ්‍යාපන ලබන්න අවස්ථාවක් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. චන්ද්‍රසිරි පල්ලියගුරු සර් ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

:       0       7

Tamara Jayathilake Saturday, 23 March 2024 08:22 PM

ආදරණීය පල්ලියගුරු සර්, අපිත් වාසනාවන්ත වුණා... ඒ මහා දැනුම් ගබඩාවෙන් පෝෂණය ලබන්න. සරල, සුන්දර, නිහතමානී හිනාව හා ඉගැන්වීමේ විලාශය කවදාවත් අමතක වෙන්නෑ. සර්ගේ සංසාර චාරිකාව සුවදායකම වේවා! පැතූ සැනසුම හිමිවේවා!

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් ගුවන්තොටුපලේදී අල්ලයි
2024 අප්‍රේල් මස 29 191 0

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කළ පාතාල අපරාධ කල්ලි සාමාජිකයෙක් යැයි කියන මුල්ලේරියාවේ පදිංචිකරුවෙක් වන එල්ලාවලගේ


ශ්‍රම බලකායත් අඩුවෙයි
2024 අප්‍රේල් මස 29 553 0

මෙරට ශ්‍රම බලකාය අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


ලක් ගොවිතැනට චීන මුදලාලිලාගේ උදව්
2024 අප්‍රේල් මස 29 354 0

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු නංවාලීමට චීනයේ ක්‍රියාත්මක විශාලම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික එකතුව සහයෝගය පළ කර තිබේ.


මල්ලිගේ කතුරු පහරින් අයියා මරුට
2024 අප්‍රේල් මස 29 787 1

සහෝදරයන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මල්ලි විසින් අයියාට කතුරකින් ඇන බරපතල තුවාල සිදු කිරීමෙන් අනතුරුව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් ප


බොහෝ පළාත්වලට තද වැසි
2024 අප්‍රේල් මස 29 349 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවි


මාස නවයේ බිළිඳිය ළිඳට විසි කරලා
2024 අප්‍රේල් මස 29 603 0

සිය මාස නවයක බිළිඳිය ළිඳට විසිකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව මහමහබාගේ පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 380 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1773 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1606 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site