IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මහනුවර පාසලක ගොඩනැගිල්ලක ආරක්ෂාවට තිබූ පැති බැම්මක් කඩා වැටෙයි

(ෂේන් සෙනෙවිරත්න) 

මහනුවර බූවැලිකඩ පිහිටි ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ගොඩනැගිල්ලක ආරක්‍ෂාවට යොදා තිබූ විශාල පැති බැම්මක් ඊට පහළින්  පිහිටි තවත් පාසල් ගොඩනැගිල්ලකට කඩා වැටී අනතුරක් සිදුව තිබේ.

එම විදුහලේ තට්ටු හයකින් පමණ යුත් ගොඩනැගිල්ලක ආරක්ෂාවට යොදා තිබූ විශාල පැතිබැම්ම ප්‍රාථමික අංශයේ පන්ති කාමර වලට එසේ කඩා වැටී ඇති බවත් එම ගොඩනැගිලිවල පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් අවදානම් තත්ත්වයක් උද්ගතව ඇති බව එම විදුහලේ විදුහල්පති ආනන්ද උපතිස්ස මහතා පැවසීය.

තවත් විශාල වර්ෂාවක් ඇද හැලුණහොත් තට්ටු හයකින්  පමණ යුත් ගොඩනැගිල්ල දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන බවද විදුහල්පතිවරයා පවසයි.

පවතින අවදානම් තත්ත්වය හමුවේ සඳුදා දින එම ගොඩනැගිලිවල අධ්‍යාපන කටයුතු සිදුකිරීම අවදානම් බවත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු අධ්‍යාපන බලධාරින් දැනුවත් කර ඇති බවද ඒ මහතා පැවසීය.



අදහස් (2)

මහනුවර පාසලක ගොඩනැගිල්ලක ආරක්ෂාවට තිබූ පැති බැම්මක් කඩා වැටෙයි

sam Saturday, 09 November 2024 08:55 PM

මහනුවර බූවැලිකඩ පිහිටි ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ගොඩනැගිල්ලක හෝ වෙනත් පාසලක ගොඩනැගිලි ඉදිකිරීමේදී වගකීම් සහිත සමාගම් වෙත ලබාදිය යුතුවේ. මෙම බැම්ම ඉදිකර ඇත්තේ දේශපාලන සම්බන්ධයක් සහිතව බව බැම්මට යොදා තිබෙන්නා වූ ගල්වලින්ම පැහැදිලි වේ. එම ගල්වර්ගය නම නොදන්නා නමුත් පොළවේ අතුරන ගල් වර්ගයකි... එම නිසා එම බැම්ම නැවත නිසි ප්‍රමිතියෙන් ගොඩනැගීමට සහ වියදම්වූ මුදල් නැවත පියවා ගැනීමට රජයෙන් කටයුතු කළයුතු වේ...

:       0       1

Sanath Nishantha Sunday, 10 November 2024 08:10 AM

බොහෝම ඉස්සර කාලයේ මෙහෙම කවියක් කියනවා අහලා තියෙනවා පේරාදෙණියේ එකසිත් ඇති මහත්වරු පාලම හදන්නට ගත්තේ ගිනිකූරු ඒත් මදිව තව ගත්තේ උණ පතුරු පාළම තියෙයි. මේසන් ගෙදර යනතුරු කියලා (අධික ලාභයක් බලාගෙන ඉදිකිරීම් කරන ස්ථානයට නුසුදුසු ඉදිකිරීම් කළාම ඔහොම දේවල් වෙනවා. කොහොම ඉදිකළත් වගකීම් කාලය මාස හයනේ... ඒකනේ ඇප මුදල් මාස හයකින් ආපසු ගෙවීම් කරන්නේ දැන් ඉතින් ඔහොම දේවල් මේ සම්මත් ජාතියේ කරන්න අලුත් ආණ්ඩුව ඉඩක් නම් දේවි කියලා හිතන්න අමාරුයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site