IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහනුවර උපත් අඩුවෙයි- මරණ වැඩිවෙයි

(මොහොමඩ් ආසික්)

වසර පහක කාලය ඇතුළත මහනුවර දිස්ත්‍රික්කයේ දරු උපත් 7,529 කින් අඩු වී මරණ 2,535 කින් වැඩි වී ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව කියයි.

2019 සහ 2023 අතර මෙරට ලියාපදිංචි උපත් සහ මරණ සම්බන්ධයෙන් කරන ලද තොරතුරු ඉල්ලීමකට ලැබුණු තොරතුරුවල මෙම විස්තර සදහන්ව තිබේ.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී ඒ.එම්.ආර්.එස්.කේ. අමරකෝන් මහතා විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2019 වසරේදී මහනුවර දිස්ත්‍රික්කයේ උපත් 25,857 ක් ලියාපදිංචි කර ඇති අතර 2020 දී උපත් 24,442 ක් ලියා පදිංචි කර තිබේ. ඒ අනුව වසරක් ඇතුළත මහනුවර දිස්ත්‍රික්කයේ දරු උපත් 1,435 ක අඩුවීමක් සිදුව තිබේ.

2021 වසරේදි උපත් 21,643 ක් ලියාපදිංචි කර ඇති අතර එම වසර තුළ දරු උපත් 2,779 ක අඩුවක් සිදුව තිබේ. 2022 වසරේදී මහනුවර දිස්ත්‍රික්කයේ දරු උපත් 20,712 ක් ලියාපදිංචි කර ඇති අතර එම වසරේදී උපත් 931 ක අඩුවක් පෙන්වයි.

2023 වසරේදී උපත් 18,328 ක් ලියාපදිංචි කර ඇති අතර එම වසරේදී දරු උපත් 2,384ක අඩුවක් පෙන්වයි. මේඅනුව 2019 වසරේ සිට 2023 දක්වා වන වසර පහක කාලය තුල මහනුවර දිස්ත්‍රික්කයේ දරු උපත් 7,529 ක අඩුවක් පෙන්වයි.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2019 වසරේදී මහනුවර දිස්ත්‍රික්කයේ මරණ 11,576 ක් ලියාපදිංචි වී ඇති අතර 2020 දී මරණ 10,646 ක් ලියාපදිංචි වී තිබේ.

ඒ අනුව එම වසරේදී මරණ 930ක අඩුවීමක් පෙන්වයි. කෙසේ වෙතත් 2021 වසරේදී මරණ 12,744 ක් ලියාපදිංචි වී ඇති අතර එම වසරේදී මරණ 2, 098ක වැඩි වීමක් සිදුව තිබේ.

2022 වසරේදී මරණ 14,111 ක් සිදුව ඇති අතර එම වසරේදී මරණ 1,367 ක වැඩිවීමක් සිදුව තිබේ.

2023 වසරේදී ද මරණ 14,111 ක්ම සිදුව ඇති බැවින් එම වසරේදී මහනුවර දිස්ත්‍රික්කයේ වැඩි විමක් හෝ අඩු වීමක් වාර්තා නොවෙයි.

මේඅනුව 2019 ත් 2023 ත් අතර කාලය තුල මහනුවර දිස්ත්‍රික්කයේ මරණ 2,535 ක වැඩි වීමක් සිදුව තිබේ.

ඒ අනුව 2019 සහ 2023 අතර කාලය තුල මහනුවර දිස්ත්‍රික්කයේ දරු උපත් 7,529 කින් අඩු වී මරණ සංඛ්‍යාව 2535 කින් වැඩි වී තිබේ.

 



අදහස් (0)

මහනුවර උපත් අඩුවෙයි- මරණ වැඩිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site