(ෂේන් සෙනෙවිරත්න )
කුණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පරිගණක මූල්‍ය වංචා සිදුකළ බවට සැකකරමින් අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයන් 130 දෙනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියේ සහ ඔවුන්ගේ රටවල තානාපති කාර්යාල හරහා එම පුද්ගලයන්ගේ සැබෑ තොරතුරු සෙවීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ .
අත්අඩංගුවට පත් පිරිස අතර චීන ජාතිකයන් වැඩි පිරිසක්ද පිලිපීන, වියට්නාම් ජාතිකයන්ද සිටින බව පවසන පොලිසිය ඔවුන් ව්‍යාජ විදේශ ගමන් බලපත් භාවිතා කොට ඇති බවට ඇතිවූ සැකයක් මත එම විමර්ශන ආරම්භ කොට තිබෙන බව පොලිසිය කියයි .
අත්අඩංගුවට පත් එම පිරිස අතර සිටින ඇතැම් පුද්ගලයන් ඔවුන්ගේ රටවලදී විවිධ අපරාධ සිදුකොට වෙනත් නම් වලින් විදේශ ගමන් බලපත් සකසාගෙන පැමිණ ඇති පුද්ගලයන් බවට සැක කරන බව පොලිසිය කියයි .
එසේ හෙයින් ඔවුන් පිළිබඳ දීර්ඝ විමර්ශනයක් ආරම්භ කළ බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි . ඔවුන්ගේ නම් සහ මුහුණු වල වැඩි වෙනස්කම් නොමැති වීම හේතුවෙන් එම විමර්ශන කටයුතු ඉතා සංකීර්ණ වී ඇති බවද පොලිසිය කියයි .
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහනුවරදී අත්අඩංගුවට පත් විදේශිකයන් ගැන විශේෂ විමර්ශනයක්