IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්

(ෂේන් සෙනෙවිරත්න)

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනුවර අවට ප්‍රදේශ ගණනාවකට ජල සැපයුම අත්හිටවනු ලබන බවද එම අධිකාරිය කියයි .

ඒ අනුව මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය, පාතදුම්බර, පූජාපිටිය, හාරිස්පත්තුව, අකුරණ ජල සම්පාදන ක්‍රමයට අයත් ප්‍රදේශවලටද කුණ්ඩසාලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රජවැල්ල, සිරිමල්වත්ත, අම්පිටිය, අමුණුගම, හන්තාන සහ වළල යන ප්‍රදේශ හා විසල් මහනුවර ජල පවිත්‍රාගාරය මගින් ජලය බෙදා හරින මාවතගම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව මහවැලි අධිකාරිය කියයි .

පොල්ගොල්ල ජලාශය 27 දින මධ්‍යම රාත්‍රියේ සිට ජලය හිස් කිරීම ආරම්භ කරන අතර ලබන සෙනසුරාදා (28) සිට සඳුදා (30) දින දක්වා පැය 65 ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ඇති බවද මහවැලි අධිකාරිය කියයි .

රජරට කෘෂිකාර්මික කටයුතු මේ දිනවල අවසන්ව තිබීමත් වියලි කාලගුණික තත්ත්වයක් පැවතීමත් හේතුවෙන් මෙම දිනවල පොල්ගොල්ල ජලාශයේ නඩත්තු කටයුතු සිදු කිරීම මෙම දින කිහිපය යොදාගත් බවද මහවැලි අධිකාරිය පැවසීය .

ජලාශය හිස්වීමත් සමඟ එහි මාලු ඇල්ලීමට හෝ ක්‍රීඩා කිරීමට එහි රොන්මඩ තට්ටුවලට නොබසින ලෙසද ජනතාවට මහවැලි අධිකාරිය අනතුරු අඟවා සිටී



අදහස් (2)

මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්

nuwan Thursday, 26 September 2024 09:01 AM

ඉස්සරහට නියඟයක් එයිද කියලත් බලන්න ඕනේ. ජලාශය පිරෙන්න වැස්සත් ඕනෙ නේද?

:       0       1

pj Thursday, 26 September 2024 10:48 AM

ප්‍රශ්නයක් නෑ.. පෙළපාළි කාරයෝ බෝඩ් බිම තියලා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site