IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මහින්ද - නාමල් ඇතුළු 24කට රටින් පිටවීම තහනම්

(නිමන්ති රණසිංහ)

ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදී අලාභ හානි සිදුකර සාපරාධී බියගැන්වීමකට කුමන්ත්‍රණය කර ආධාර අනුබල දුන්බව කියන සිද්ධියට අදාළව සිදුවන විමර්ශනය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 24 දෙනකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ආගමන විගමන පාලකවරයාට අද (12) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයට සහභාගී වු හිටපු මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 11 දෙනකු ද, ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන්ට පහරදෙන අවස්ථාවේදී සිටි බවට හදුනාගත් 06 දෙනකු සහ මෙම සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් ලෙස තවත් 07 දෙනකු මෙම විදෙස් ගමන් තහනම් වූ 24 දෙනා අතර සිටිති.

මෙම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනය හේතුවෙන් 1993 අංක 16 දරන ආගාමික හා විගාමික පනතේ 5 (ඇ) 1, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 7, 77, 127 වගන්ති ප්‍රකාරව පුද්ගලයන් 24 දෙනකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට නිතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය නිකුත් කළේය.

ඒ අනුව, මෙසේ විදෙස් ගමන් තහනම් වූයේ, ඉකුත් 09 වැනිදා අරලියගහ මැදුරේ පැවැති උත්සවයට සහභාගීවී සිටි, හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රාදේවි වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංජීව එදිරිමාන්න, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, සී. බී. රත්නායක, සම්පත් අතුකෝරාල, සනත් නිශාන්ත, සහ හිටපු පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා, හිටපු අමාත්‍ය කංචන ජයරත්න යන 11 දෙනාගේය.

ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන්ට පහරදෙන අවස්ථාවේදී සිටි බවට හදුනාගත් නිශාන්ත ජයසිංහ, අමිත අබේවික්‍රම, පුෂ්පලාල් කුමාරසිංහ, මහින්ද කහදගම, දිලිප් ප්‍රනාන්දු, බස්නාහිරපළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයවලුන් 06 දෙනාගේ ද විදෙස් ගමන් තහනම් විය.

මෙම සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් ලෙස විදෙස් ගමන් තහනම් වූයේ නෝනාමොරින් නුර්, ඇටැම්පිටියේ සුගතානන්ද හිමි, ගල්පායගේ දොන් අමල් සාලින්ද පෙරේරා, සේනාදි චතුරංග, පීරිස්ලාගේ අමිල ජීවන්ත, කොඩිතුවක්කු ආරච්චිලාගේ ජගත් චන්ද්‍රාවතී, මොහොමඩ් ශර්මිලා යන 07 දෙනාගේය.



අදහස් (2)

මහින්ද - නාමල් ඇතුළු 24කට රටින් පිටවීම තහනම්

Sisil Thursday, 12 May 2022 05:57 PM

දැන් සැපද...?

:       0       1

චිරන්ත Thursday, 12 May 2022 06:10 PM

රට යහමගට පැමිණෙනවා කියලා හිතෙනවා. ජයවේවා... !!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 251 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 78 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site