සාම්පුර් ගල් අගුරු තාප බලාගාරය ඉදි නොකරන ලෙස එහි සන්තෝෂපුරම් හි ලංකා අයිතිවාසිකම් පිළිබඳ සංවිධානය අද (07) උද්ඝෝෂණයක් කළේය. බලාගාරය ඉදිකළ හොත් ලී කැපිමට,මී කපා ගැනිමට හා දඩයමට වනාන්තර නැති වෙතියි මුහුදු වැදි පරපුරෙන් පැවත එන ආදිවාසිහු කියති. දැනට එවැනි පවුල් 50 ක පමණ සාමාජිකයෝ එම ප්‍රදේශයේ ජිවත් වෙති. උද්ඝෝෂණය මෙහෙය වුයේ හරිත ත්‍රිකුණාමල සංවිධානයයි. ලංකා අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයේ දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රී කේ.නාගේෂවරන් මහතාට ලිපියක් ද බාර දුන්හ. එය ජනපතිට ඉදිරිපත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියේය.
2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මුහුදු වැදි පරපුරත් සාම්පුර් බලාගාරය එපා වෙයි
රොහාන් Thursday, 07 April 2016 10:03 AM
එපා නොකියන්න හිරුඑලිය තියෙනේ අපේ රටේ මොකද මේ යල්පැනපු ගලඅගුරු වලට යන්න හදන්නේ, හිරු එලිය ලබන්නේ නිකම් එනිසා වියදම ටිකකි, මුදලට කෑදර මිනිස්සු ඉන්නකම් අපේ රට ගොඩගන්නවා බොරු.(අ)
චාමර Thursday, 07 April 2016 10:43 AM
මේ ගැන නැවත වරක් සිතා බලන්න.(හේ)
ගමගේ Thursday, 07 April 2016 06:59 PM
සුනිල් මහතාගේ කතාව හරි (නි)
සුනිල් Thursday, 07 April 2016 12:02 PM
ඇයි අපිට නෙට් මීටරින් ක්‍රමය සහ සූර්‍ය ශක්ති විදුලි ජනනය දිරිගන්වන්න බැරි. දැනටමත් ලංකාවේ මේක්‍රමය තමන් ගේ වියදමින් ස්ථාපනය කරගෙන තියන පාරිභෝගිකයින් කිසිම විදුලි බිලක් නෙගෙවා වායු සමන යන්ත්‍ර පවා භාවිතා කරනවා. මේ උපකරණ සඳහා තීරු බදු නිදහස ලබාදෙන්න. වාහන වලට දෙන බදු නිදහසට වඩා ඒක රටට සම්පතක් වේවි. (බ)
දුමින්ද Thursday, 07 April 2016 12:39 PM
බලාගාර එපා නම් 24 පැයට විදුලිය එලොවෙන්ද ?(හේ)
ඉන්දික Thursday, 07 April 2016 03:03 PM
මේතරම් දියුණු තාක්ෂණයක් තිබියදීත් පරිසරයට හානිකරන ගල්අඟුරු භාවිතයෙන් බැහැරව සුර්ය ශක්තියෙන් විදුලිය නිපදවන ක්‍රමයකට යා හැකිනේ. ගෘහස්ථව සුර්ය කෝෂ සහන ණය ක්‍රමයකට දීමට රජය කටයුතු කරන්නේ නම් විදුලි ප්‍රශ්නය විසඳාගන්න පුළුවන් වේවි (නි)
අජිත් Friday, 08 April 2016 04:18 AM
ලංකාව අවුරුද්ද පුරාම හොඳට හිරු එළිය තියෙන රටක්. ඒ නිසා සූර්ය කෝෂ ලංකාවට සුදුසුයි. මේ බලාගාර හදනවාට වඩා අඩුවෙන් නිවාසවල සූර්ය කෝෂ සවි කළහැකිය. රජය මේවට සහන දිය යුතුයි. (නි)
නිල්මිණි Thursday, 07 April 2016 09:17 AM
මිනිස්සුන් තමුන්ගේ ගමේ බලාගාර හදනවට කැමති නැති වුනාට තමුන්ට නොකඩවා විදුලිය නම් ලැබෙන්න ඕනේ.(හේ)