IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මුහුද ගොඩ ගලා මුතුපන්තිය යටවෙයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ලලිත් නවරත්න)
 
මුහුද ගොඩ ගැලීමෙන් අද(31 ) අලුයම මුතුපන්තිය දුපතේ නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසයි.
 
මෙම මුහුදු රළ අඩි තුනක් හතරක් උසින් එකවර කඩා වැද ඇති අතර ඒ හේතුවෙන් මුතුපන්තියේ සුසාන භූමිය සම්පුර්ණයෙන් යටවී තිබු බවත් ඒ සමගම මුතුපන්තිය දුපත ආරක්ෂාවට යොදා තිබු ගල් වැටිද මුහුදට ගසා ගෙන යාම සිදුව ඇති බවත් ධීවරයෝ කියති.මුහුදු රළත් සමග ගලා ආ අපද්‍රව්‍ය විශාල  වශයෙන් නිවෙස් ආසන්නයේ ගොඩ ගැසී ඇති බවද ඔවුහු පවසති.
 
ධීවරයින් පවසන්නේ සුනාමිය පැවති අවස්ථාවේදි පවා මෙවැනි මුහුදු රළක් තම දුපතට ගලා ඒම සිදු නොවු බවයි.
 
මුතු පන්තිය ග්‍රාමීය සංවිධානයේ සභාපති රොෂාන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ මෙවැන්නකි.
 
“ මේ තත්වය කිසිම දවසක අපේ දූපතට බලපා තිබුනේ නැහැ.ඇත්තටම මේක හිතා ගන්න බැරි තරමට මුහුදු රළ ඉහළ ගොස් ආරක්ෂාවට යොදා තිබු ගල් වැටිවලටත් ඉහළින් මුහුදු රළ දුපතට ගලා විත් තිබුණා.
මෙය හිතා ගන්න බැරි දෙයක්. කාලගුණ අංශත් මෙහෙම මුහුද සැර වෙනවා කියලා දැනුවත් කර තිබුනේ නැහැ" යැයි ඔහු පැවසීය.
 
පුත්තලම ආපදා කළමණාකරණ ඒකකයේ නිලධාරින් හා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් ද එම ස්ථානයට පැමිණ සිටිනු දැකගත හැකිවිය.



අදහස් (5)

මුහුද ගොඩ ගලා මුතුපන්තිය යටවෙයි

kasun Thursday, 31 December 2020 05:08 AM

පෝර්ට් සිටි ප්‍රතිඵල...

:       23       30

RaveendraThursday, 31 December 2020 11:22 AM

දැන් විපක්ෂයේ ඉන්න හාරත බූරුවන් බලයේ ඉන්නකොට මුහුද ආශ්‍රිත මොනයම්ම හෝ කටයුත්තක් කරා නම් දැන් බලයේ ඉන්න හාරත බූරුවන්ගේ ගොට්ටන් කියන්නෙත් ඔබ පැවසූ දෙයම නොවේද?

:       0       0

Aba Thursday, 31 December 2020 09:12 AM

ඉතුරු කඩොලාන ටිකත් කපලම දාමු.

:       3       31

මහසෙන් Thursday, 31 December 2020 10:17 AM

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනගෙන ඉන්න එපැයි දැනුවත් කරන්න. එයාලත් දන්නේ මේක ආවහමනේ...

:       0       0

Nisantha Sanath Perera Laggala Thursday, 31 December 2020 04:10 PM

ඔක්සිජන් කන්නද? බොන්නද? කියලා ඇහුව අය ඉන්නෙත් ඔය පැත්තෙම නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site