ජනාධිපති මහජන සම්බන්ධතා ඒකකය බාරව සිටි ජනාධිපති අතිරේක ලේකම් එස් ටී කොඩිකාර මහතා ගාල්ල මහ දිසාපති ලෙස ජනපති විසින් පත්කරනු ලැබ සිටියි.කොඩිකාර මහතා අද උදෑසන ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිය නව ධූරයේ කටයුතු ආරම්භ කළේය.
ගාල්ල බටපොලදී උපත ලද කොඩිකාර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. අධ්‍යාපන පරිපාලන සේවයට එක්ව නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙස සේවය කළ ඒ මහතා පසුව රාජ්‍ය පරිපාලන සේවයට එක් වූයේය. ආර්ථික විද්‍යාව පිළිබඳවත් තොරතුරු තාක්ෂණය පිළිබඳවත් පළාත් පාළනය පිළිබඳවත් පශ්චාද් උපාධි තුනක් කොඩිකාර මහතාට ඇත.
එම ධූරයට පත්වීමට පෙර ඔහු පුත්තලම සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙසත් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ලේකම්වරයා ලෙසත් බස්නාහිර පළාත් වැඩබලන ප්‍රධාන ලේකම් ලෙසත් කටයුතු කර තිබුණි. තොරතුරු තාක්ෂණය පිළිබඳ හසල දැනුමකින් යුතු ඒ මහතා ජනපතිට කියන්න සේවාව ආරම්භ කිරීමට පසුගිය කාළයේදී විශාල කාර්යය භාරයක් ඉටු කළේය. එම සේවාව යටතේ දිවයිනේ සියළුම රාජ්‍ය ආයතන රාජ්‍ය සේවයේ ගැටළු විසඳීම සඳහා තොරතුරු තාක්ෂණ ක්‍රමවේදය හඳුන්වා දීමටද කොඩිකාර මහතා මූලික වී කටයුතු කළේය.
ගාල්ල හිටපු දිසාපති රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා අමාත්‍යාංශ ලේකම් ධූරයක් ලැබීමෙන් පසු අද දිනය දක්වාම මාස අටක කාළයක් ගාල්ල දිසාපති තනතුර හිස්ව තිබිණි. එම කාළයේදී අතිරේක දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය අදාල ධූරයේ වැඩ ආවරණය කළාය.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාස 10කට පසු ගාල්ලට දිසාපතිවරයෙක්
නිල්මිණි Monday, 23 May 2016 10:02 AM
මම ජනාධිපති කාර්යාලයේ මේ සර් යටතේ වැඩ කරපු කෙනෙක් මේ වගේ දක්ෂ නිහතමානී නිලධාරියෙක් යටතේ වැඩ කරපු මගෙන් හෘදයාංගම සුභ පැතුම්. (අ)
ගමගෙදර Monday, 23 May 2016 06:36 AM
ගාලු දිස්ත්‍රික්කයේම කෙනෙක් දිස්ත්‍රික් මුල්පුටුවට . මගේ සුභපැතුම්. (අ)
උපාලි Monday, 23 May 2016 08:05 AM
ඔන්න ඔහොම සුදුස්සන්ට සුදුසු තැන දෙනවනම් බොහොමයක් ජනතා ප්‍රශ්න විසඳන්න පුළුවන්. වැඩේ තියෙන්නේ හැම තැනම ඉන්න දේශපාලුවෝ මේ උගතුන්ට වැඩ කරන්න නොදී තමන් තීරණ ගන්න යන එකයි. (බ)