බැසිල් රාජපක්ෂ හිටපු ඇමැති මාතර උසාවියට ඉදිරිපත් කළ දිනයේ මාධ්‍යවේදීන් උසාවි ගේට්ටුවෙන් එළියට දැමූ බව කියන සහකාර පොලිස් අධිකාරී සුදත් මාසිංහගේ ක්‍රියා කලාපය ගැන සෙවීමට දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අද (13) පරීක්ෂණ ඇරැඹීය.
තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධනපාල අබේවික්‍රම මහතා පත්කරනු ලැබ සිටී.
පොලිස් නිලධරයන්ගෙන් හා මාධ්‍යවේදීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට ඔහු බලාපොරොත්තු වේ. මාධ්‍යවේදීනට අධිකරණයට ඇතුළුවීමට මාසිංහ ඉඩ දුන්නේ නැත. මහේස්ත්‍රාත්වරිය ගේ නියමයෙන් එසේ කළ බව ඔහු කියා ඇතත් මහේස්ත්‍රාත්වරිය එසේ කියා නැතැයි මූලික පරීක්ෂණවලදී සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 30
118
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාසිංහගේ මාධ්‍ය තහනම සොයන්න පරීක්ෂණයක්
හරිශ්චන්ද්‍ර Sunday, 15 May 2016 02:56 AM
මේ පරීක්ෂණ කඩිනමින් අවසන්වෙනවා නම් හොඳයි (නි)
රෝහිත Friday, 13 May 2016 02:33 PM
කටු කන අයට වෙන වැඩ! (බ)
චමින්ද Friday, 13 May 2016 03:17 PM
තීරණයක් ගැනීමේ බලයක් පොලිස් අධිකාරී වරයා සතුය (බ)
රොකී Friday, 13 May 2016 03:30 PM
මේ නිලධාරියා නම්බු පිටින් පොලිසියෙන් අස්වෙලා අර හාමුදුරු කෙනෙක් කාගේදෝ ආරක්ෂාවට හදනවා කියන හමුදාවට බැඳුනොත් නරකද?බොහොම ඉහළ ගතමන්ට් එකක් හම්බු වේවි, වටිනා පිරිකරත් එක්කම! (බ)
රොමේෂ් Friday, 13 May 2016 03:40 PM
මොන පරික්ෂණද, පොලිස් අධිකාරීටත් ඍජු බලයක් ගැනීමේ නිදහස දිය යුතුයි (බ)
රන්ජන් Friday, 13 May 2016 03:53 PM
චමින්ද, කොයි පොලිස් අධිකාරී වරයාටද?ඒ.එස්.පී.ටද? එස්.එස්.පී ටද? මොන වගන්ති යටතේද? පැහැදිලිකරනවද.(බ)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 13 May 2016 04:48 PM
පරණ, යල්පැනපු රෙජීමයේ ඕනෑ එපාකම් වලට වෙන්න ඇති සමහරු මහේස්ත්‍රාත්වරියගේ නියමයටත් උඩින් යන්නේ (නි)
රජිත් Friday, 13 May 2016 05:29 PM
මේ ටිකේ පොලිස් තරුවලට අපලයි වගේ (නි)
අහමඩ් Friday, 13 May 2016 10:47 PM
ඒක නම් බොහොම හොඳ දෙයක් (නි)
ප්‍රනාන්දු Saturday, 14 May 2016 01:03 AM
පොලිස් අධිකාරීවරයාට වුණත් මේ රටේ නීතිය පොදුයි (නි)
මනෝජ් Saturday, 14 May 2016 01:12 AM
එවැනි බලයක් පොලිස් අධිකාරීවරයකුට ඇද්ද, විශේෂයෙන්ම අධිකරණ භූමිය තුළ? ගරු අධිකරණයේ සිදුවන දේ ගැන තීරණය කළයුත්තේ විනිසුරුවන් විසිනි. (නි)
නලින් Saturday, 14 May 2016 01:15 AM
චමින්ද, තීරණයක් ගැනීමේදී බලයට කලින් මොළය පාවිච්චි කළයුතුයි. (නි)
අජිත් කරුණාරත්න Saturday, 14 May 2016 02:19 AM
තීරණයක් ගන්න බලයක් තිබේ නම් මහේස්ත්‍රාත්වරියගේ නියෝගයක් ලෙස බොරුවක් ප්‍රකාශ කළේ ඇයි? (නි)
අසංග Saturday, 14 May 2016 02:17 AM
අර තියෙනවා කියන මාධ්‍ය නිදහස කෝ? (නි)
ඉසුරන්දි Saturday, 14 May 2016 04:19 AM
ඇයි දන්නේ නැහැ මාධ්‍යයට ඉඩදුන්නේ නැත්තේ. (නි)
රංග Saturday, 14 May 2016 04:31 AM
මේ වගේ අය හින්දා මුළු පොලිසියටම කැළලක්...!!! (නි)