ශ්රී ලංකාවේ බස්නාහිර පළාතේ මෙගාපොලිස් සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු රජය විසින් නාගරික ප‍්‍රදේශයන් හි සිදු කෙරෙන සියලූම මහපරිමාණ ව්‍යාපෘති සඳහා සහාය දක්වන්නැයි කොළඹ නගාරාධිපති එම්.ජේ.එම්.මුසාම්මිල් ආසියා සංවර්ධන බැංකුව ඇතුළු අරමුදල් සපයන සියලූම ජාත්‍යන්තර සංවිධාන වලට විවෘත ආරාධනයක් කළේය.
ජර්මනියේ ෆ‍්‍රැන්ක්ෆර්ට් නුවරදී පසුගිය 4 වැනිදා පැවති ‘අනාගතයේ දී නගර කරා’ යන තේමාවෙන් යුතුව ආසියා සංවර්ධන බැංකුවේ වාර්ෂික සැසිවාරය අමතමින් නගාරාධිපති මෙම ආරාධනය කළේය.
නගරාධිපති සඳහන් කර සිටියේ සංවර්ධනය වෙමින් පවතින රටවල අගනගරය සංවර්ධන සඳහා සිදුකෙරෙන මෙවැනි ව්‍යාපෘතින් සඳහා ආසියානු සංවර්ධන බැංකුව , ලෝක බැංකුව වැනි බහුපාර්ශවික මූල්‍ය සංවිධාන විසින් මහනගර සංවර්ධන ව්‍යපෘතින් වල නාගරික ප‍්‍රදේශවල උමං මාර්ග , අධිවේගී මාර්ග ආදී යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් සහාය දැක්වීම ඉතාම වැදගත් බවය.
කොළඹ නගරයේ ජනතාව වෙනුවෙන් නව නිවාස 60,000ක අවශ්‍යතාවයක් පවතින බවත් , එම නිවාස ඉදිකිරීම සඳහා ආයෝජනය කරන්නන් සිටී නම් ඊට අවශ්‍ය වානිජමය ඉඩම් එම නාගරික ප‍්‍රදේශයෙන් ලබා දීමට සූදානම් බවද කොළඹ නගරාධිපතිවරයා සඳහන් කර සිටියේය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මුසම්මිල්ගෙන් ජාත්‍යන්තරයට ආරාධනයක්
සත්‍යයා Friday, 06 May 2016 11:13 PM
සැබෑ ව්‍යාපෘති වලට ලංකාවේ ඉඩක් නැහැ. පසුගිය පාලන කාලයේදී වගේම ඇමතිවරුන්ට ගසාකන්න පුළුවන් ව්‍යාපෘති වලට පමණයි බොහෝවිට අනුමැතිය දෙන්නේ. ඒ නිසා මෙගා පොලිස් අන්තිමට "හොරා පොලිස්" වලින් තමයි කෙළවර වෙන්නේ. (නි)
අරුණ Friday, 06 May 2016 10:23 AM
මේවාට ඒතරම් කලබල වෙන්න අවශ්‍ය නැහැ අපි (නි)