IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මෙවැනි ප්‍රසංගයක් ලෝකයේ ප්‍රථමවතාවට සිදුවෙන්නෙ

2016-05-18-ENT-40


වාදකයෙකු ලෙස ගිටාරය හා සැක්සෆෝනය වාදනය කරන මෙම තරුණ සංගීතඥයා ගිනස් වාර්තාවකට සැරසෙයි. ඔහුට ශක්තියක් වන්නේ ඔහුගේ මිතුරා දිනේෂ් පෙරේරාය. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බ්ලැක් ටවුන් බෝමන් හොල් හීදී මෙම මස 21 වැනිදා සවස 6.30ට වාදන භාණ්ඩ සියයක් වාදනය කරන ප්‍රසංගයට සැරසෙන ඔහු නාලක සජී ජයසිංහය. මේ ඔහු ගැනය.

 

2016-05-18-ENT-42සංගීතයට යොමු වීමේ ගමන් මග

පවුල් පසුබිම තුළ සංගීතයට සම්බන්ධ කිසිවෙක් නම් නැහැ. මට සංගීතයට ඇල්මක් ඇති වුණේ පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ දී. ඒ හත වසර, අට වසර වගේ කාලෙ. ඒකත් එක්ක මගෙ කැමැත්තක් තිබුණා අලුත් දේවල් ගැන හොයන්න. කුඩා කාලේ ටෙලිවිෂන් එකේ ගිය වෙළෙඳ දැන්වීම්වලට භාවිත කරන විවිධ සංගීත රටා ගැන මම හෙව්වා. මෙහෙම ඉන්න කාලේ මම මුලින්ම සංගීත කටයුතු ආරම්භ කළේ බටනලාව වාදනය කරලා. සාමාන්‍ය පෙළ විභාගයෙදිත් මගේ වාද්‍ය භාණ්ඩය වුණේ බටනලාව. මට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙදි සිතාරය ගැන ඉගෙන ගන්න ලැබුණා.

 

මේ වනවිට සිදුකර ඇති ගී නිර්මාණ

මේ වනවිට ගීත දෙකක් කළා. නදීක ගුරුගේ සංගීතවත් කළ චාමික රත්නසූරිය රචනා කළ "හද හිරේ" ගීතය හා මෑතකදී %සිහින ලොවට^ කියන ගීතය කළා. එය මහින්ද බණ්ඩාර සංගීතවත් කළේ. එම ගීතයට ළඟදීම රූප රචනයක් සිදුවෙනවා.

 

මැයි මස 21 වැනිදා ප්‍රසංගය

මේ ප්‍රසංගය ගැන කියනවානම් පැය එකහමාරක ප්‍රසංගයක්. ඒ තුළ අප කළ පෙර අපර දෙදිග නිර්මාණ කිහිපයක් වාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. මම ලෝකෙ විවිධ රටවලින් විවිධ සංගීත භාණ්ඩ ලංකාවට ගෙනත් ඒ පිළිබඳ හදාරා ඉන් අනතුරුව තමයි මෙහෙම ප්‍රසංගයක් කරන්නේ. මේ ප්‍රසංගයේදී ලෝකයේ තිබෙන වෙනත් සංගීත ශෛලීන් වාදනය කරනවා. උදාහරණයක් කිව්වොත් ලංකාවෙ භජන් සංගීතයේ සිට ඔස්ට්‍රේලියාවේ භාවිත වන ජන සංගීත රටාත් සමග ලෝක ජෑස්, ජෑස් ලැටින් ස්ටයිල් රොක් මියුසික් භාවිත කරනවා. මෙවැනි ප්‍රසංගයක් ලෝකයේ ප්‍රථමවතාවට සිදුවෙන්නෙ. මෙය ඉදිරියේදී ලංකාවෙ පවත් වන්න බලාපොරොත්තුවෙනවා.

 

රංගන මදුසංබ

 

2016-05-18-ENT-41
2016-05-18-ENT-43



අදහස් (0)

මෙවැනි ප්‍රසංගයක් ලෝකයේ ප්‍රථමවතාවට සිදුවෙන්නෙ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 151 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 770 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site