ගාලු මුවදොරදී කාන්තාවකගේ රත්තරං මාලයක් ගිල දැමු පුද්ගලයකු විරේක බෙහෙත් දී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කැර ඇතැත් මාලය බිමට නොවැටුණු බව පොලීසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට දැන්වීය.
සැකකරු මොහොමඩ් ඩිල්ෂාන් නූර් රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත් මාලය ලැබුණු පසු උසාවියට ඉදිරිපත් කරන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.
ඇක්ස්රේ පරීක්ෂණ අනුව පෙන්ඩනය සහිත මාලය මහබඩවැලේ හිර වී ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
මාලය කඩාගෙන යතුරුපැදියෙන් පැනයද්දී පොලීසිය ඔහු ලුහු බැඳ ගියේය.
සැකකරු අත්අඩංගුවට ගන්නට පෙර ඔහු මාලය ගිල දමා ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
2025 දෙසැම්බර් මස 30
98
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාල හොරා අලි අමාරුවේ
කුමාරි Tuesday, 25 February 2014 09:40 AM
දැන් ඉති කුම්බලා මාළු කාපු බළලාට වෙච්ච දේ උනා වගේ ඇති ,,,(අ)
අබේකෝන් Tuesday, 25 February 2014 01:32 PM
මේ අය කන ජරාවේ හැටියට, මාලයක් වගේ වටින දෙයකට විරේකයක් ගන්න එක හොද නැහැ. (දිල්)
නසාර් Tuesday, 25 February 2014 01:44 PM
කුරුවිට ,බුලත් විට වෙන්න එපා ...(දී)
නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 24 February 2014 06:26 PM
ඕවට කියන්නේ දේව දඩුවන්. ඕකෙන්වත් හැදුනොත් අනුගේ දේ සොරකන් නොකරන්න.(නදී)
ටෝනි Monday, 24 February 2014 06:36 PM
අධෝ මාර්ගයට රත්තරන් ඇලජික් කියල හැමෝම දැනගන්ඩ. ශරීර කෘත්‍ය සඳහා පමණක් ඒ පෙදෙස වෙන් කරලා කරබාගෙන ඉන්ඩකෝ. (නදී)
කුමාරි Monday, 24 February 2014 06:44 PM
තණ්හාය ජායති ශෝකෝ කියන්නේ ඕකට තමා.(නදී)
සත්‍යයා Monday, 24 February 2014 08:06 PM
ලංකාවේ ජාති ආගම් කුල පන්ති කිසිම භේදයක් නැතුව කරන එකම ක්‍රියාව හොරකමයි. එහෙම හරි "ජාතික සමගිය" ගොඩ නැගී තිබීම ගැන සතුටු වෙමු.(නධී)
කුරුවිට Monday, 24 February 2014 08:51 PM
මෙයාල තමයි ලංකාවේ ඉන්න හම්බ හොරු (අ)
අමිල කටුනායක Monday, 24 February 2014 08:58 PM
නියම දඬුවම
රොෂාන් ප්‍රනාන්දු Tuesday, 25 February 2014 01:23 AM
ලංකාව සංවර්දනය කරලා තියනවා කියල පාලකයින් කියනවනේ ඉතින් මෙවයිනුත් සංවර්දනය විය යුතුයි.එමනිසා දවස ගානේ හොරකමත් ඉහලට ගිහින් තියනවා. (අ)
චන්දි Tuesday, 25 February 2014 02:30 AM
බඩ පළල හරි මාලය අරන් අයිති කෙනාට දෙන්න.., හොරා ටිකක් රිදෙව්වට කමක් නැහැ (අ)
චන්ද්‍ර වීරසිංහ Tuesday, 25 February 2014 04:19 AM
මාලය එලියට ආවත් දාන්න පුළුවන් වෙයිද ගන්දස්සාරේ හැටියට!(අ)
ටෝනි Tuesday, 25 February 2014 08:58 AM
අධෝමාර්ගය පෙන්ඩන්ට් හැඩයට නිමවෙලා නැහැ කියලා මේ මනුස්සයට තේරිලා නැහැ. (දී)