IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මුල් කාලයේ නම් ආසාවෙන් හිටියා සම්මානයක් ලැබෙනකන්

2016-05-12-ent-191

මහේෂි මධුසංඛා කියන්නේ මේ දිනවල සිනමාවේ සහ පුංචි තිරයේ නිතර දකින චරිතයක්. මේ දිනවල තිරගත වන "සිංහයා" චිත්‍රපටයේ සහ ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය "සේයා" ටෙලි නාට්‍ය ඔස්සේ රසිකයන් හමුවට එන ඇය "සාරවිට" සමග දොඩමලුවූ මොහොතකි මේ.

 

2016-05-12-ent-194මේ දවස්වල දායකවෙලා තියෙන වැඩ ගැන කිවුවොත්?

මේ දවස්වල ස්වර්ණවාහිනියේ රාත්‍රී 9.00 ටෙලි නාට්‍යයක් විකාශය වෙනවා. තව එකක ෂූටින් කරනවා. ඊට අමතරව තව දෙකක ෂූටින් ඉවර කළා.

 

චිත්‍රපට සඳහා දායකවීම සීමාකරලද?

චිත්‍රපට එකක් දැනට ඉවර වුණා. ඒ "සිංහයා" කියලා. ටෙලි නාට්‍ය එක්ක චිත්‍රපටවලට දායක වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මොකද දින නැති හින්දා. නමුත් මේ අවුරුද්දේ ටෙලි නාට්‍ය ගොඩක් කරන්නේ නැති නිසා එහෙම අපහසුවක් නැති වෙයි. එහෙම වුණොත් චිත්‍රපට සඳහා ඇරයුම් ‍ ලැබුණොත් බාරගන්නවා.

 

ඔබ ටෙලි නාට්‍ය සඳහා කොටු වූ චරිතයක්ද?

නැහැ. ටෙලි නාට්‍යවලින් එහා යන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ අවුරුද්දේ ඉඳන් ඒක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.

 

ඔබ වැඩි වශයෙන් ඇල්මක් දක්වන්නේ මෙගා ටෙලි නාට්‍ය සඳහා දායක වෙන්නද නැති නම් කොටස් ප්‍රමාණය අඩු ටෙලි නාට්‍ය සඳහා දායක වෙන්නද?

මෙගා ටෙලි නාට්‍යවලින් රසිකයා අතරට යන්න ලේසියි. මොකද අපි මෙගා ටෙලි නාට්‍ය වලට බැන්නොත් වැඩක් නැහැනේ. ඉන්දියන් මෙගා ටෙලි නාට්‍ය මිනිස්සු පුදුම ආසාවෙන්නේ බලන්නේ. ඊට වඩා අපි මෙගා ටෙලි නාට්‍ය කරන එක හොඳයිනෙ. දැන බලන බලන හැම චැනල් එකකම ඉන්දියන් ටෙලි නාට්‍ය යනවා. ඒ නිසා මම හිතන්නේ නැහැ මෙගා ටෙලි නාට්‍ය වරදක් කියලා.

 

ඉන්දියානු ටෙලි නාට්‍ය සංස්කෘතියක් ලංකාවේ බිහිවෙන්නේ දේශීය නිර්මාණ සඳහා ප්‍රමිතියක් නැති නිසාද?

නැහැ එහෙම දෙයක් නැහැ. ලංකාවේ හරි නිෂ්පාදකයෝ නැති නිසා සහ ක්ෂේත්‍රයේ ඉහළ කට්ටිය තමා ඒ දේ බලාගන්න ඕනේ. මම තවම ක්ෂේත්‍රයට ඇවිල්ලා බොහොම ටික කාලයයි. ඒ නිසා ඒ පිළිබඳව කිසිදෙයක් කතා කරන්න බැහැ. ඒවට අදාළ බලධාරීන් විසින් තීරණ ගන්න ඕන. කවුරුත් ඒවා බලන්නේ නැහැනේ. ඒ නිසා තමයි මෙවැනි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ.

 

රංගනයේ පැත්තෙන් සම්මානයක බලාපොරොත්තුවක් නැද්ද?

සම්මාන කියන දේවල් ගැන ලොකු බලාපොරොත්තු දැන් තියාගෙන නැහැ. ක්ෂේත්‍රයට ආපු මුල්කාලයේ නම් හරි ආසාවෙන් හිටියා සම්මානයක් ලැබෙනකන්. හැමකෙනෙක්ටම බලාපොරොත්තුවක් තියෙනවානේ. හම්බුණොත් ගන්නවා කියන තැන තමයි ඉන්නේ.

 

අතහිත දුන් අය ගැන කතා කළොත්?

ගොඩාක් කට්ටිය ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් මතක් කරන්න බැහැ එහෙම. හුඟක් කට්ටිය උදවු කළා. පළමුවැනි ටෙලි නාට්‍ය ගැන කතා කළොත් එහෙම ලක්මන් පුෂ්පකුමාර, නිල්වලා ආයතනය සහ මට ගොඩාක් කට්ටිය උදවු කළා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - චානුක කුලසේකර

 

2016-05-12-ent-188
2016-05-12-ent-189
2016-05-12-ent-190
2016-05-12-ent-192
2016-05-12-ent-193
2016-05-12-ent-195
2016-05-12-ent-196
 



අදහස් (0)

මුල් කාලයේ නම් ආසාවෙන් හිටියා සම්මානයක් ලැබෙනකන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site