IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


මැලේසියානුවන් නිවාස වලට කොටු කිරීමේ කාලය දීර්ඝ කරයි

මැලේසියාවට පනවාතිබූ නිවාස වලට කොටු කිරීමේ සීමා අප්‍රේල් 14වැනිදා දක්වා දීර්ඝ කරන බව මැලේසියාවේ අග්‍රාමාත්‍ය මුහිදින් යසීන් අද (25) ප්‍රකාශ කළේය.

 ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මැලේසියාවේ සියලු කටයුතු මාර්තු 18 වැනිදා දක්වා නවතා දමන බව එරට අග්‍රාමාත්‍යවරයා ඉකුත් දා නිවේදනය කළේය.
 
රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් මැලේසියානු අග්‍රාමාත්‍යවරයා ඒ බව නිවේදනය කළේය.
 
බදාදා (25) වනවිට මැලේසියාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 172 දෙනකු වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 1,796ක් දක්වා වැඩිවිය.
 
ජනතාවට අවශ්‍ය පරිදි ආහාර ඇතුළු ද්‍රව්‍ය සැපයීම කළ හැකි යැයි එහිදි සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා කොරෝනා ආසාදනය වී ඇතැයි සැක සියලු දෙනා පරීක්ෂා කරන බවත් එම පරීක්ෂා කිරීම් වැඩි කරන බවත් පැවැසීය. විශේෂයෙන්ම වයිරසය පැතිර යෑමේ වැඩි අවදානමක් ඇති ස්ථාන පරීක්ෂා කර බලන බව ද හෙතෙම කීය.
 
අල්ජසීරා
 
055



අදහස් (1)

මැලේසියානුවන් නිවාස වලට කොටු කිරීමේ කාලය දීර්ඝ කරයි

Donald Wednesday, 25 March 2020 09:46 AM

මැලේසියාවටත් ඔහොම වුණානම් අපි ගැන කවර කතාද? ඔය රටේ නම් කෑම බීම හිගයක් නැතුව ඇති. ඒකටත් වැරද්ද අපේ කෑම බීම රටාව. කෝකටත් හාල්, පොල්, පරිප්පු අල ඕනේ නෙව.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 114 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 68 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 448 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site