IMG-LOGO

මල්වතු මහා නා හිමිගෙන් මානව හිමිකම් කොමසුරුට සැර ප්‍රකාශයක්

(ෂේන් සෙනෙවිරත්න)

සෑම රටකම සෑම ජාතියකම අන්තවාදීව කටයුතු කරන සුළු පිරිසක් සිටිනවා. මෙරට බහුතර පිරිස් සියලු ජාතීන් සමග සාමකාමී සහජීවනයෙන් ජීවත්වෙනවා යැයි තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්  කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා හමුවේ අද පැවසූහ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා අද මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහානා හිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී මල්වතු මහානා හිමියන් ඒ බව අවධාරණය කළේය.

ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වන බවට ලෝකය පුරා බොරු ප්‍රචාර ගෙන යනවා. පාසල් හා පිරිවෙන් වල පවා දෙමළ භාෂාව උගන්වනවා. රජයේ සේවකයන්ට දෙමළ භාෂා දැනුම ලබා දෙනවා. මේ සියල්ල කරන්නේ ජාතික හා ආගමික සංවිධියාව ඇති කිරීම මූලික කරගෙනයි. මානව හිමිකම් කඩවීම පිළිබඳව අපගේ රටට එරෙහිව 2014 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම චෝදනාවක් කළා. ඔබ තුමන් මෙරටට පැමිණියේ එවැනි දේකටද කියලා මම දැනගන්න කැමතියි.

අන්තවාදීව කටයුතු කරන සුළු පිරිසක් මේ රටේ ඉන්නවා. එවැනි පිරිස් සෑම ජාතියකම වගේම සෑම රටකම ඉන්නවා. ඔවුන් යම් අරමුණු වෙනුවෙන් ජාතික හා ආගමික සංවිධයාව බිඳ දැමීමට උත්සාහ කරනවා. දේශපාලනඥයන් සුළු පිරිසක් ද මේ අතර සිටිනවා. ඔබතුමා හමුවීමේ අපේක්ෂාවෙන් සිටි දෙමළ ජාතිකයන් දේශපාලනඥයින්ව පන්නා ගන්නවා අපි දැක්කා.



අදහස් (4)

මල්වතු මහා නා හිමිගෙන් මානව හිමිකම් කොමසුරුට සැර ප්‍රකාශයක්

මාලිමාපෙන්දා Thursday, 26 June 2025 06:51 PM

නිවට ආණ්ඩුව දැක්ක ගමන් මෙයාලා රෙදි උස්සගෙන එනවා ඇරලා යන්න. නායක මාහිමිපාණන් එසේ දෙසීම ඉතා වැදගත්. ආණ්ඩුව කරන අය නම් එහෙයි ස්වාමීනී කියන්න ඇති හැම එකකටම....

:       11       91

maalaka Friday, 27 June 2025 07:00 AM

මේ ගොල්ලෝ අනෙක් හැම රෙද්දටම හොට දානවා දානවා. නමුත් තමන්ගේ නහය පහල තියෙන දේවල් ඔවුන්ට පේන්නේ නෑ. සිවුරැ අඳිලා දහම කන , බොරු දර්ශනය පතුරවන අය ඉදිරියේ කටට ලොක් දාලා

:       7       0

Jayasekara Friday, 27 June 2025 10:39 AM

මේ උන්වහන්සේත් පසුගිය කාලේම කට පියාගෙන හිටියේ...

:       8       2

මැක්ස් Friday, 27 June 2025 12:37 PM

අගෙයි හාමුදුරුවනේ නිවට පාලකයින්ට කියා ගන්න බැරි වුණු දේ ඔබවහන්සේ වෙතින් ප්‍රකාශ කිරීම සම්බන්ධව... මොනරවිල වැනි හෝදන බලකායේ ඇත්තෝ දැන් ඉතින් ඔබවහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට බැණ අඬ ගසයි. නමුත් ඔබවහන්සේ විසින් ලබාදෙන මේ මඟ පෙන්වීම විශිෂ්ටයි.

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 339 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 513 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 207 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site