ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රඟපෑ මල්ලිකා ෂෙරාවත් අප්‍රසිද්ධියේ සිය විවාහය සිදුකරගත් පුවතක් 'ලයිෆ් ඔෆ් බොලිවුඩ්' වෙබ් අඩවිය වාර්තා කර සිටියි. අවස්ථා කිහිපයකදීම සිය විවාහය ඉතා ඉක්මණින් සිදු කරගන්නා බවට මාධ්‍යයට අදහස් දැක්වූ මල්ලිකා මෙසේ අප්‍රසිද්ධියේ විවාහ ගිවිස ගැනීම ඇයට ආදරය කරන රසික, රසිකාවියන්ට පුදුමය දනවන්නක් බව සඳහන් වේ. මල්ලිකා මෙසේ අතගෙන ඇත්තේ ප්‍රංශ ජාතික ධනවත් ව්‍යාපාරිකයෙකු වු Cyrille Auxefans පුද්ගලයා සමග බව සඳහන් වේ. මේ වනවිට බොලිවුඩ් සිනමාවෙන්ද තාවකාලිව ඇත්ව සිටින මල්ලිකා අවසන් වරට බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා පෙනී සිටියේ 2013 වසරේදීය. ඒ සංජය කන්දූරිගේ "කිස්මත් ලව් පයිසා දිල්ලි' චිත්‍රපටයේය. ඉන් පසුව 'ඩර්ටි පොල්ටික්ස්' නම් මල්ලිකා රඟපෑ චිත්‍රපටයක් පිළිබඳව තොරතුරු පළවු නමුදු එම චිත්‍රපටය බොලිවුඩ් සිනමාව තුළ ප්‍රදර්ශනය නොවු බව සඳහන් වේ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මල්ලිකා හොරෙන්ම කසාද බැදලා