IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මිරිසවැටිය අසල වෙළඳුන් උද්ඝෝෂණයක

(බී.ජී. චතුරංග සහ උපුල් හේරත්) 

වසර තිහකට වැඩි කාලයක සිට මිරිසවැටිය රජ මහ  විහාරය අසල පැරණි රථ ගාලේ වෙළඳාම් කටයුතු වල නිරතව  සිටි තමන්, එම භූමියෙන් එළියට ඇද දමා ඇති බව කියමින් වෙළඳුන් පිරිසක්  අද (28ද) මිරිසවැටිය රථ ගාල අසල උද්ඝෝෂණයක නිරත වූහ.

විවෘත කෙරුණු නව රථ ගාලේ වෙළඳාම් කටයුතු සිදු කිරීමට  ඉඩ ලබා නොදීම හේතුවෙන්, තමන් දැඩි අසරණ භාවයට පත්ව ඇති බවද ඔවුහු කීය.

වසර ගණනාවක් පැරණි වෙළඳුම් සිටියද නව රථ ගාලේ අලුත් මල් වෙළඳුන් කිහිප දෙනෙකු සහ නව වෙළඳ සැලක් ඉදිකර ඇති බව එම වෙළඳුන් මෙහිදී පැවසූහ.

තමන්ට යළිත් වරක් මිරිසවැටිය අසල වෙළඳාම් කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා අටමස්ථානාධිපති නා හිමිපාණන්, දිසාපති, නාගරික කොමසාරිස්, පුරාවිද්‍යා කොමසාරිස්, ලගට ගොස් තම දුක් ගැනිලි ඉදිරිපත් කළද, අද (28) දිනය වන විටත් තමන්ට ඒ සඳහා විසඳුමක් නොලැබුණු බව එම පිරිස් මෙහිදී සඳහන් කළහ. 

මෙම ගැටළුව  සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගෙන් සිදු කල විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය.

" සම්බන්ධයෙන් පූජා භූමි සංවර්ධන කමිටුව නියෝජනය කරන, මහා සංඝරත්නය  පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු  සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කර විධිමත් ක්‍රම වේදයකට අනුව මෙම වෙළඳුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න මේ වන විටත් සැලසුම් සකස් කෙරෙමින්  තිබෙනවා."     



අදහස් (3)

මිරිසවැටිය අසල වෙළඳුන් උද්ඝෝෂණයක

ඉන්දික Monday, 28 October 2024 06:13 PM

පුනරුදයට ඡන්දේ දුන්නු අයට ලැබෙන ප්‍රතිලාබ. ඉස්සරහට තව තැන්වල පෝලිම්වල බෝඩ් උස්සන් ඉන්න වෙයි...!

:       11       5

Toni Tuesday, 29 October 2024 05:59 AM

පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. ඉක්මණින් ප්‍රතිඵල එන්නේ නැහැනේ... ඉවසීම පුරුදු කළ සැමට මගේ ස්තූතිය...!

:       0       0

Bunny Preena Tuesday, 29 October 2024 10:39 AM

වර්තමාන ජනාධිපතිගේ කාරුණික අවධානයට මෙම සංවේදී කරුණ යොමු වේවා..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site