IMG-LOGO

මැරයෝ පොලිස් අත්අඩංගුවෙන් හතක් මුදා ගනිති

ඉංගිරිය හල්වතුරේ කළු ගඟේ අතු ගංගාවක මැණික් ගරමින් සිටි හතක් පොලිස් අත්අඩංගුවට ගත් පසු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මැර පිරිසක් සමග පැමිණ එම පිරිස මුදාගෙන ගොස් ඇත.

ඔවුන් ත්‍රීරෝද රථවලින් පැමිණ ඇති බවත්, පොලිසියට ඉතිරි වූයේ ඉල්ලම් කූඩ පමණක් බවත් කියති.

 



අදහස් (0)

මැරයෝ පොලිස් අත්අඩංගුවෙන් හතක් මුදා ගනිති

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 04 February 2014 07:52 PM

මේවා බලල හොඳට හිතල දෙන්න කතිරේ රට කන අය පවුල් පිටින්ම එලොව යන්න. (අ)

:       0       0

සමන් - ඕමානය Monday, 03 February 2014 08:29 PM

දේශපාලකයින් නීතිය තම අතට ගත් තවත් අවස්ථාවක්!!!. මෙවැනි දේවල් නැවත්වුවේ නැත්නම්, රට ප්‍රපාතයට යන බව ඉහළම පාලකයින්ට අවබෝධ විය යුතුයි. මෙවැනි සිද්ධීන්, රටේ යහ පාලනයක් හා නීතියක් නැති බවට ලෝකයට හුවා දක්වන්නන්ට හොඳ ආයුධ බවත් පාලකයින් වටහාගත යුතුයි. (දිල්)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Monday, 03 February 2014 08:41 PM

මේක සාමාන්‍ය දෙයක්,අනේ අසරණ පොලිසිය , (අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 03 February 2014 09:14 PM

ඔන්න ආශ්චර්ය. මිට මොලවල ගහන්න කතිරේ. (අ)

:       0       0

රොහාන් Monday, 03 February 2014 09:15 PM

මොකද දන්නේ නැ අනිත් තැන වල වාගේ වෙඩි තිබ්බේ නැත්තේ රටේ ආරක්ෂව ගැන මේකෙන් හිත ගන්න පුළුවන් පොලිස්සියත් මැරයන්ට බයේ යන්න දෙන්න ඇති එහෙම නැත්නම් පගාවක් දෙන්න ඇති බොරුවට කියනවා මැරයෝ ඇවිත් අරන් ගිය කියල පොලිස්සිය නිදගෙනද හිටියේ උන්ව අරන් යනකම් (අ)

:       0       0

දේශප්‍රිය Monday, 03 February 2014 09:16 PM

බල්ලට ගිය පොලිසිය (අ)

:       0       0

විරාජ් කාලිංග Monday, 03 February 2014 09:20 PM

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා හෙට කියාවි එහෙම දෙයක් නැහැ දේශපාලක තුමා නිවැරදි කියල (අ)

:       0       0

අතුල Monday, 03 February 2014 09:28 PM

තමිල්නාඩු දෙමල චිත්‍රපටියක් වගේ. (අ)

:       0       0

ආරියසේන Monday, 03 February 2014 09:37 PM

ඇත්තටම හින්දි චිත්‍ර පටියක ජවනිකාවක් වගේ.(අ)

:       0       0

කෙනත් Monday, 03 February 2014 09:51 PM

අනේ ඉතින් අතේ ඇටබෝල තුවක්කුවක්වත් නැතුවද යන්නේ ඕවට, පොලිසියේ මේ බියගුළු බවට වන්දි ගෙවන්නේ අසරණ පොදුජනතාව! (අ)

:       0       0

මනෝජ්-සාජා Monday, 03 February 2014 10:06 PM

අත්අඩංගුවට ගත්ත සැකකරුවෝ කියලා හිතා ගෙන ඉල්ලම් කුඩ කුඩුවට ලගට ගෙනත් පයින් ගහල පල ඈතුලට කියලා කුඩුවේ දොර ලොක් කරන්න (අ)

:       0       0

රුවන් Monday, 03 February 2014 10:11 PM

මොකද පොලිසියේ ඉන්නේ පඹයෝද (අ)

:       0       0

චමී Monday, 03 February 2014 10:34 PM

පවි අහිංසක පොලිස් නිලධාරින්. හෙට අනිද්දට ස්ථාන මාරුවිමි ලැබෙයිද දන්නෑ. (අ)

:       0       0

නීල් Monday, 03 February 2014 10:55 PM

අනේ මේ පොලිසිය ද.කූඩ දාගනියව් තොපේ ඔළුවල.(අ)

:       0       0

චන්දන Monday, 03 February 2014 11:00 PM

ඇයි සරත් ෆොන්සේකගේ රැස්වීම් කඩාකප්පල් කරන්න දාපු පාට් මෙගොල්ලන්ට දාන්න බැරි උනාද? කට්ටිය ඇවිල්ලා නිදහස් කරගෙන යනකන් පූස් පැටවු ටික වගේ බලාගෙන ඉන්න ඇති (අ)

:       0       0

පහන් Tuesday, 04 February 2014 12:03 AM

කව්ද මේවට වගකියන්න ඕනේ. වගකිව යුත්තෝ නිදිද? (දී)

:       0       0

රමණි Tuesday, 04 February 2014 12:07 AM

මේ වගේ ලොකු උදවිය ඉදිරිපත් වෙන්නේ මේ වගේ කැත වැඩ කරන්න විතරද? (දී)

:       0       0

ධම්ම Tuesday, 04 February 2014 12:12 AM

මට පෙන්නේ මේ පොලිස් කණ්ඩායමත් දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙන එන්න හිතුවද දන්නේ නැහැ.(දී)

:       0       0

අජිත් Tuesday, 04 February 2014 12:59 AM

මේ වැනි නීති විරෝදී දේශපාලන මැරකම් වලට අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ ඉහලම උදවිය වගකිව යුතුයි. (දී)

:       0       0

ප්‍රදීප් Tuesday, 04 February 2014 03:50 AM

ප්‍රාදේශීය සභා මැර මන්ත්‍රීවරයකු , මැර පිරිසක් සමග පැමිණ ඇත. පොලිසියේ අයගේ රස්සාව නැතිවෙයි කියල ප්‍රාදේශීය කුක්කන්ටත් බයෙන් තමා රාජකාරිය කරන්න වෙලා තියෙන්නේ. අහෝ දුකකි.(නදී)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 04 February 2014 04:29 AM

මාර්ග නීතියේ වරදකට අසුවීමකින් දඩ කොළය ලියා ගන්න ගියාම වී අයි පී තියෙනවද?  අදුරන කවුරුවත් ඉන්නවාද? කියල අහන්නේ ඔය අපේ අපේ පොලිසිය තමයි. දැන් වී අයි පී ලංකාවෙ විකුනන්න තියෙනවා අදුරනවාද කියලා අහන්නේ ඔය ජාතියෙ අය ගැන තමා. ඔය තුන් ගොල්ලොම අතර මිතුරු කම් හුව මාරුවක් පමණයි.(නදී)

:       0       0

චමී Tuesday, 04 February 2014 04:39 AM

ඉතින් ඔය පොලිසිය අයින් කරලා මැරයෝ ටිකම පොලිසියට බදවා ගත්තා නම් ඉවරනේ. (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 05 February 2014 06:39 AM

සංජීව! මේ සියලු ව්‍යාසන ඉවසා ගත නොහැකිව ලක් මාතාව කලක ට ඉහතදී නිහඬව දැයෙන් සමු ගත්තා. ඇය දැන් කර්ම විපාකයක් නිසා නැවත මේ ගෙන්දගම් පොළවේම ඉපිද කුඩා දැරියක් ලෙස ඉතාමත් අනාරක්ෂිත ජීවිතයක් ගෙවනවා. ඉවසන්න බැරි, ඇගේම පුතුන් කියා කියා ගන්නා පිරිසක් දිවා රෑ ඇයව කෙලෙසීමට උත්සාහ කිරීමයි.(නදී)

:       0       0

සතයයා Tuesday, 04 February 2014 05:45 AM

තව ටිකක් කල් ගත උනහම පොලිසියට යුනිෆෝම් ඇඳගෙන ඩියුටි කරන්න හම්බ වෙන්නේ නැහැ මෙහෙම ගියොත් නම්.(නදී)

:       0       0

සුබේ Tuesday, 04 February 2014 05:52 AM

පොලිසියට තුවක්කු දීල තියෙන්න මේ වගේ වෙලාවට පත්තු කරන්නයි. අහිංසක මිනිස්සු වතුර ටික ඉල්ලලා පාරට බැස්සම තුවක්කු ඉබේ පත්තු වෙනවා. (නදී)

:       0       0

සමන්ති Tuesday, 04 February 2014 06:15 AM

මේ වගේ දර්ශන බලන්න ඕනෙ නම් ඉන්දියානු දමිල චිත්‍රපට සංයුක්ත තැටියක් බලන්න . අනේ අපේ පොලෝසිය ! (නදී)

:       0       0

සමිර උදයංග ලක්මාල් Tuesday, 04 February 2014 08:28 AM

කියක් හරි දුන්නාවත්ද?  කැටබෝලයක්වත් තිබුනේ නැද්ද දන්නේ නැහැ. (නදී) .

:       0       0

සැමුවෙල් Tuesday, 04 February 2014 08:37 AM

මොනවා කරන්නද පොලිසියේ මහත්තයල, ඔන්න ඔහේ අල්ලලා දාමු. නැත්නම් අන්න අර කැලණිය , දඹුල්ල, පුත්තලම වගේ පැත්තක ඉන්න කෙනෙක්ටවත් කියලා බලමුද? (නදී)

:       0       0

ගීත් Tuesday, 04 February 2014 09:21 AM

කොන්ද කෙලින් තියාගෙන රාජකාරිය කරන්න බැරිනම් ගෙදර ගිහින් කුබුරක් කොටන එක ඔයට වැඩිය සැපයි.(නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 05 February 2014 10:19 AM

මෙයට පොලිස් පතිතුමගේ ප්‍රතිචාරය කුමක්දැයි අපි බලා සිටිමු.??(දී)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 04 February 2014 10:01 AM

පුදුමයි පොලිසියේ අයව කූඩු නොකළා.(නදී)

:       0       0

පිටිගල Tuesday, 04 February 2014 10:13 AM

ලැජ්ජයි.! (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 04 February 2014 10:24 AM

පොලිසියට අවි ආයුද දීල තිබෙන්නේ මොකටද ?(දිල්)

:       0       0

පෙරේරා Tuesday, 04 February 2014 11:31 AM

වෙනදට අහන්න වෙන්නේ පොලිසියෙන් ගැහුවා , ආයුද පෙන්නන්න ගිහින් වෙඩි කෑව කියලනේ. දැන් ඒක වෙනස්වෙලාද ?(දිල්)

:       0       0

අංජුල Tuesday, 04 February 2014 12:16 PM

අද රටේ නීතීය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ (දිල්)

:       0       0

රමසි Tuesday, 04 February 2014 01:13 PM

මේගොල්ලෝ පෙම්බස් අල්ලන්න යන්නේ නැතුව මොනවට කැලේ රිංගන්න ගියාද? හොද පාඩම. (දී)

:       0       0

ඉමන්කා Tuesday, 04 February 2014 01:27 PM

නියම දේශප්‍රේමියෙක් (දී)

:       0       0

උපාලි Tuesday, 04 February 2014 04:53 PM

තව වැඩිකල් යන එකක් නැ. මැරයෝ පොලිසියේ අයට ගහල පැමිණිලි කාරයෝ වෙලා නඩුත් දානවා. අපි උන්ට බයේ උන්ගේ පැත්තට සාක්කි කියනවා. පොලිසියේ අහිංසක මහත්තුරු ගුටිත් කාල හිරෙත් යනවා.(නදී)

:       0       0

සංජීව Tuesday, 04 February 2014 05:37 PM

අපි දැක්කා, ඔය පොලිසියේම අය හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහත්තයට චන්ඩි පාර්ට් දැම්ම හැටි. එත් මේ පුංචි මන්ත්‍රී කෙනෙක් ඉස්සරහ හතරට නැවෙනවා. තේරෙනවනේ අපේ රටේ නිතිය කොහොමද වෙන්නේ කියලා. මට දුක ශ්‍රී ලංකා මාතාව ගැන.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 59 0

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 313 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


ඉන්ධන ලොරිය දොයි
2025 මැයි මස 14 478 0

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන


බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි
2025 මැයි මස 14 1262 0

නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය හෙට
2025 මැයි මස 14 297 0

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.


‘හරක් කටාගේ’ අසනීපය ගැන වාර්තාවක් කැඳවයි
2025 මැයි මස 14 647 0

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1405 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1606 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 419 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site