IMG-LOGO

මාර්තු මාසයේදී රතු එළිය නොතැකූ පුද්ගලයන් 1,738 කට දඩ නියම වෙයි

red

 

මාර්තු මාසයේදී රතු ආලෝක සංඥා නොතකා ධාවනය කළ පුද්ගලයන් 1,738ක් අල්ලාගෙන ඇති බව සංවර්ධන සැලසුම් සහ සංඛ්‍යාලේඛන අමාත්‍යාංශ වෙබ් අඩවියේ දැක්වේ. එසේම මාර්තු මාසයේදී නියමිත වේග සීමාව ඉක්මවා ධාවනය කළ (රේඩාර්) පුද්ගලයන් 69,917ක්ද අල්ලාගෙන ඇති බව එහි දැක්වේ.


සංවර්ධන සැලසුම් සහ සංඛ්‍යාලේඛන අමාත්‍යාංශ නිරන්තරයෙන්ම විවිධ සංඛ්‍යාලේඛන දත්ත නිකුත් කරන අතර පසුගියදා තොරතුරු ප්‍රස්ථාර ආශ්‍රයෙන් නිකුත් කරන ලද වාර්තාවක ඉහත රථ වාහන නීති උල්ලංඝනය කිරීම් ගැන විස්තර දැක්වේ.


වාහන ලියාපදිංචිය අලුත් නොකළ සිදුවීම් 312ක් වාර්තා වී ඇති අතර මැයි මාසය තුළ රථ වාහන සංඥා උල්ලංඝනය කිරීම් 10,441ක් සහ රථවාහන උපදෙස් උල්ලංඝනය කිරීම් 18,273ක්ද වාර්තා වී ඇත.


එසේම මාර්තු මාසයේදී පුද්ගලයන් 1,540,226 දෙනෙකු හමාඞ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති අතර එම කාලය තුළදීම පුද්ගලයන් 1,524,101ක් ගුවන් තොටුපොළට පැමිණ ඇති බවද සංවර්ධන සැලසුම් සහ සංඛ්‍යාලේඛන අමාත්‍යාංශ නිකුත් කළතොරතුරු ප්‍රස්ථාර සටහනේ දැක්වේ.



අදහස් (0)

මාර්තු මාසයේදී රතු එළිය නොතැකූ පුද්ගලයන් 1,738 කට දඩ නියම වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 511 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 325 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 490 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site