IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මෙරට අංශ කිහිපයක සංවර්ධනයට නෙදර්ලන්ත මහාචාර්ය සහය

(අංජුල මහික වීරරත්න)
 
මෙරට කෘෂිකර්ම, අධ්‍යාපන, සංචාරක සහ රාජ්‍ය සේවයේ ප්‍රවර්ධනය වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහය සහ මූල්‍ය පහසුකම් ලබා දීමට නෙදර්ලන්ත රජයේ අවධානය යොමුව තිබේ.
 
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත  නියෝජ්‍ය තානාපති ඉවාන් රෙට්ජෙන්ස් (Iwan Rutjens)  මහතා ඇතුළු  නෙදර්ලන්ත වැගිනින්ගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ මහාචාර්යවරු කණ්ඩායම ජනාධිපති කාර්යාලයේ දී අද (13)  ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා  හමු වූ අවස්ථාවේ දී මේ පිළිබඳ සාකච්ඡා කෙරිණි.
 
නෙදර්ලන්තයේ වැගිනින්ගන් විශ්වවිද්‍යාලයේ  පර්යේෂණ අංශයේ සභාපති මහාචාර්ය විල්ෆ්‍රඩ් ඩොල්ෆ්ස්මා, කල්‍යාන් චක්‍රවර්තී ගුන්ටුබොයිනා, සංස්කෘතික භූගෝලීය පර්යේෂණ සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය එඩ්වර්ඩ් හයිජ්බෙන්ස්, නෙදර්ලන්තයේ සොල්මිරායි සමාගම් සමූහයේ (Solmirai group of companies) රිකාඩෝ ඇබ්ඩොයෙල්, ෂාමෝ ලඛීසරන් යන මහත්ම මහත්මීහු සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රනිල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (1)

මෙරට අංශ කිහිපයක සංවර්ධනයට නෙදර්ලන්ත මහාචාර්ය සහය

හසක Wednesday, 13 November 2024 07:38 PM

වංචා දූෂණ වලට ගාගත්තු කැත නම අයින් කරගත්තොත් වැදගත් රටවල් උදව් කරන්න එනවා. මේ වැදගත් රටවල්වල උදව්, සහයෝගය, වෙළෙඳ සම්බන්ධතා නැතුව අපි වගේ රටවලට වර්තමාන ලෝකයේ ගොඩයන්න අමාරුයි. අපේ කැපවීම නැත්තන් මොන උදව් තිබුණත් වැඩක් නෑ.

:       3       55

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site