IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මීරිගම ගින්නකින් අක්කර රැසක් වැනසේ

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම වලව්වත්ත රේන්දපොල ප්‍රදේශයේ අක්කර 25ක පමණ විශාල ඉඩමක අද 15 පස්වරුවේ ඇතිවූ හදිසි ගින්නකින් අක්කර 20 ක පමණ ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ගියේය.

කිසිවකු විසින් මෙම ඉඩමේ පිහිටි මානා කැලෑවට ගිනි තබන්නට ඇතැයි සැක කරන අතර එම ඉඩමට යාව පිහිටි නිවාස ගණනාවක් ගින්නෙන් බේරාගත්තේ අනු නවයෙනි .

අදාල ඉඩමේ මුර මඩුවක සිටි 88 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක ඇගේ පුතා ඇතුළු පිරිස්  ඔසවාගෙන වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමෙන් ඇගේ ජීවිතය ගලවා ගැනීමට හැකි වී ය.

මෙම ගින්න පැතිරී මේ දී දියුලපිටිය මීරිගම මාර්ගය අයිනේ පිහිටි තාවකාලික වෙළඳසැල්වල තබු බඩ්බාහිරාදිය ඉවත් කිරීමට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ඇතුලු ජනතාව පියවරගනු ලැබීය.

පොල්ගස් රැසක කරටි පවා ගිනිගෙන දැවෙනු දැකිය හැකිවිය.රාත්‍රි 7.00 පමන වනවටත් ගින්න පැතිරෙමින් තිබිනි

 



අදහස් (0)

මීරිගම ගින්නකින් අක්කර රැසක් වැනසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site