IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මැයි රැළියේදී ෆොන්සේකා - හරීන් බහින් බස් වීමක්

සමගි ජන බලවේග මැයිදින රැළියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  හරීන් ප්‍රනාන්දු මහතා සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අතර බහින් බස් වීමක් සිදුව ඇත.

සමගි ජන බලවේගයේ මැයි රැළියේදී මුල් පෙළ අසුන් ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා තමා අසලට කැඳවා ඇති අතර එම අවස්ථාවේ ඔවුන් දෙදෙනා බහින් බස් වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මැදිහත් වී දෙදෙනා අතර බහින්බස් වීම සමථයකට පත් කර හරීන් ප්‍රනාන්දු මහතා එම ස්ථානයෙන් ඉවතට රැගෙන ගියේය.

(034)

(ඡායාරූප: කුෂාන් පතිරාජ)



අදහස් (13)

මැයි රැළියේදී ෆොන්සේකා - හරීන් බහින් බස් වීමක්

GotagoGama Monday, 02 May 2022 02:12 PM

මේ අය තමයි රට බාරගන්න හදන්නේ.. අනේ අපි වගේ හරක්...

:       3       66

siri Monday, 02 May 2022 02:35 PM

ඉන්නකෝ ආරක්ෂක ඇමතිකම ලැබෙනකල්. එතකොට බලාගමු.

:       1       39

කැලිස්ටා Monday, 02 May 2022 03:01 PM

රට විනාශ කරන රට විනාශ කරපු අය කුලල් කා ගන්නේ ඇයි? ඔය දෙගොල්ලන්ම පලවා හැරීමට තමයි අද ජනතාව මහමගට පැමිණ ඇත්තේ.. මෙතෙක් රට පාලනය කළ සේරම එළවනවාමයි. බලයට කෑදර හොරු, දූෂිතයෝ, වංචාකාරයෝ, මිනීමරුවෝ පන්නා දැමීමට අද ජනතාව මහමගට පැමිණ ඇත. අළුත් පාලනයක්, ජනතා පාලනයක් බිහිකිරීම සඳහා ජාතික ජනබල වේගයට රට බාරදෙමු. වැටුණු රට ගොඩගැනීමට හැකි එකම පක්ෂය ජාතික ජනබල වේගය පමණයි..

:       21       42

සුපුන්Monday, 02 May 2022 03:43 PM

ජාතික ජන බලවේගෙට රට දීලා ඩොලර් අච්චු ගහන්න තමයි වෙන්නේ... ඇමරිකාවට යුරෝපෙට බැණ බැණ ඉන්න මිනිස්සුන්ට රට දියුණු කරන්න පුළුවන්ද? ගිරිය පුප්පාගෙන කෑගැහුවට ඩොලර් එන්නේ නෑ. මතක තියාගන්න කෑගහලා ආණ්ඩු පෙරළන්න පුළුවන්. හැබැයි එහෙම රට හදන්න බෑ. ඔය ක්‍රමේ මිලිටරි ක්‍රමයකට බොහෝදුරට සමානයි. සමාජවාදෙන් ගොඩගියපු රටක් කියන්නකෝ. ඔය ජාතික ජන බලවේගෙත් අරගල කරන්නේ, ඇමරිකන්කාරයාගේ අන්තර්ජාලෙන්...! 

:       18       42

Mo78Monday, 02 May 2022 06:39 PM

ඇයි චීනය..? ජේවීපිය අඩුම තරමේ චීනයේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුයි. නැත්තං රට දියුණු කරන්න බෑ. ඔය සමාජවාදී ප්‍රතිපත්තියම තියාගෙන...

:       5       11

saliyaMonday, 02 May 2022 06:10 PM

බලයේ හිටියේම නැද්ද? පරිවාස ඇමැතිකම්..., විමල් එක්ක වාමාංශික ව්‍යාපාරය මන්ත්‍රීධුර 35කට දීලා දැම්මා නේද? ... රජපවුලට... සුනාමි මංකොල්ලය දැන දැනම, බලයට ගේන්න දඟලපු හැටි අපිට මතකයි..!

:       4       13

චන්දන Monday, 02 May 2022 03:34 PM

හිටපල්ලකෝ. ඊළඟට ආරක්ෂක ඇමැති මම. රාජපක්ෂ විතරක්ම නෙවෙයි, ඔක්කොම ගැන මම බලාගන්නම්....

:       2       18

SUDELMI Monday, 02 May 2022 03:36 PM

මේ වගේ අයට ඡන්දෙ දෙන්න නම් යන්න එපා. හොඳ උගත්, අවම වශයෙන් උපාධියක්වත් තියෙන කෙනෙකුට ඡන්දය දිය යුතුයි.

:       7       32

nimalka Monday, 02 May 2022 04:31 PM

මේ රටේ ප්‍රශ්නේ දිග, පළල, ගැඹුර ගැන අවබෝධයක්, නිවැරැදි විග්‍රහයක් තවම නැහැ. ඒවා කරන්න ඕන සරසවි වලින් කිසිම දෙයක් වෙන්නේ නැහැ. කිසිම පර්යේෂණයක් වෙන්නේ නැහැ....

:       0       21

hira Monday, 02 May 2022 04:52 PM

මේ වගේ අය තමයි නැවත බලයේ ඉන්නේ.. මේ අයට ඡන්දය දෙන මිනිස්සු නම් හරක්ම වෙන්න ඕනෑ. හරීන් වගේ අය නම් විපක්ෂ නායකට නියමෙටම ගැලපෙනවා.

:       1       20

විජේ Monday, 02 May 2022 05:46 PM

මේ හරීන් නෙවේ නරීන්. මඩ ගහනවා වගේ බාල වැඩකට එහා දෙයක් මෙයාගෙන් බලාපොරොත්තු වෙනවා නං ඔයාලට වැරදිලා...

:       3       14

darme Monday, 02 May 2022 05:50 PM

ආණ්ඩුවේ, විපක්ෂයේ කොටින්ම බයි, ටොයි, ජෙපි ඔක්කොම එකයි. සමහරුන්ට ජෙපි ආණ්ඩුවක් හීනෙන් පේනවා. ඔවුන්ට ඕන මේ ආසියාවේ වෙනිසියුලාව, කියුබාව කරගන්න. කටක් අරින්න තහනම්නේ. ඔය බුකි වීරයින්ටත් අබසරණයි එතකොට...!

:       6       18

ගමේ එකාලා Monday, 02 May 2022 05:54 PM

දැන්ම තියා ඇනකොටා ගන්ඩ හදනවා.. බැරි වෙලාවකවත් බලයට ආවොත් කොහොමට ඇත්ද?

:       1       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site